News Line| Off Air
Generic placeholder image

May
1

අපට දුක ආචාර්ය ලෙස්ටර් ජේමිස් පිරිස් මිය යාම නොව අප ජීවත්වීමයි.

632 Views


අපට දුක ආචාර්ය ලෙස්ටර් ජේමිස් පිරිස් මිය යාම නොව අප ජීවත්වීමයි.

1917 ශ්‍රේෂ්ඨ ඔක්තෝම්බර් විප්ලවයෙන් ලෝකයේ එක් කොනකින් කුසගින්න සහ දරිද්‍රතාවය අහෝසි කිරීම නිසා රුසියානු ජාතිකයන් වශයෙන් ආඩම්භර වීමට ඔවුන්ට සාධාරණ අයිතියක් ඇත. එමෙන්ම 1956 දැවැන්ත සංස්කෘතික විප්ලවයක් කරමින් ලාංකීය සිනමාවේ විප්ලවීය ගමන් මග රේඛාවෙන් ආරම්භ කිරීම නිසා ලාංකීය සිනමා ලෝලී ජනතාව වශයෙන් අපටද ආඩම්භර වීමට සාධාරණ අයිතියක් ඇත.

ඒ අයිතිය අපිට ලබා දුන්නේ 1956 ට පෙර පැවති පෙරදිග සහ දකුණු ඉන්දීය සිනමා කාබන් කොපි රටාවෙන් අපව මුදා ගනිමින් එතෙක් චිත්‍රාගාර තුල රූපගත කරමින් නාට්‍යනු ස්වරූපයේ සිනමාපට වෙනුවට ඇට මස් ලේ නහර ඔස්සේ හෘද වස්තුවට කාවදින මානවවාදී සිනමා කෘති ශාස්ත්‍රීය සිනමා රීතියක් ඔස්සේ අලුත් අත්දැකීමක් ලාංකීය ප්‍රේක්ෂකයාට ලබා දී ආචාර්ය ලෙස්ටර් ජේමිස් පිරිස් නම් වූ සිනමාකරුවට පිං සිදු වන්නටය.

එංගලන්තය වැනි යුරෝපිය රටකින් සිනමා අභාෂය ලබා ගත් ඔහු විශිෂ්ඨ සිනමා කෘතීන් අතලොසක් ලාංකීය ප්‍රේක්ෂකයාට ලබා දුන්නේ ස්වල්පය හොඳයි වඩා නමුදු හොඳට කියන කියමන යථාර්තයක් බවට පත් කරමින්. ඒ අතරින් G .B. සේනානායකයන්ගේ නිධානය නමැති කෙටි කතාව ඇසුරෙන් ආචාර්ය තිස්ස අබේසකරයන්ගේ තිර රචනය කරන ලද “නිධානය” ලෝක සිනමාවේ විශිෂ්ඨම සිනමා කෘතීන් 10 අතරට එක්වූ ලෝක උරුමයකි. අපට දුක ආචාර්ය ලෙස්ටර් ජේමිස් පිරිස් මිය යාම නොව අප ජීවත්වීමයි.

සටහන රුවන් මදනායක


News Articles
Latest Videos
Most Popular Post