පහුගිය කාලය පුරාවට චන්දිමාල්ගේ නායකත්වය යටතේ ටෙස්ට් කණ්ඩායම හොඳ ප්‍රගතියක් පෙන්නුවා. ඒ නිසා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට උසස්වීමක් ලැබිලා තියෙනවා. ඒ ICC ටෙස්ට් ශ්‍රේණිගතකිරීම් වල.
අලුත්ම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම් වල එක ස්ථානයක් ඉහලට එන්න ලංකාව සමත්වෙලා තියෙනවා. ව අනුව දැන් ලංකාව ඉන්නේ 7 වන ස්ථානයේ. පකිස්ථානය පහුකරමින් තමයි ලංකාව උඩට ඇවිත් තියෙන්නේ.
ටෙස්ට් පිතිකරුවන්ගේ ශ්‍රේණිගතකිරීම් වල 12 වන ස්ථානය චන්දිමාල්ට හිමිවෙලා තියෙනවා. හැබැයි මිට කලින් ඔහු පළවෙනි 10 දෙනා අතර හිටියා. කොහොම වුනත් කුසල් මෙන්ඩිස් හොඳම ටෙස්ට් පිතිකරුවන් 20 දෙනා අතරට එන්න සමත් වෙලා තියෙනවා. ටෙස්ට් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගතකිරීම් වල තව දුරටත් හොඳම 10 දෙනා අතර රැඳී ඉන්න රංගන හේරත් සමත් වෙලා තියෙනවා.
ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම් වල බටහිර ඉන්දීය කොදෙව්වන් පරදා ඉහළට එන්න බංගලාදේශ කණ්ඩායම සමත්වෙලා තියෙනවා.