News Line| Off Air
Generic placeholder image

May
2

ප්‍රවීණ ගායන ශීල්පී ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ජිවන ගමනට සමුදෙයි.

1221 Views


ප්‍රවීණ ගායන ශීල්පී ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ජිවන ගමනට සමුදෙයි.

ප්‍රවීන ගායන ශිල්පී ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඊයේ ජිවන ගමනට සමුදුන්නා. එතුමා මිය යන විට 65 වන වියේ පසුවුණා. පහුගිය පෙබරවාරි මාසයේ ඉතාලියේ සංගීත ප්‍රසංගයකට සහභාගී වෙමින් සිටියදී එතුමා හදිසියේ රෝගාතුර වුණා. ඒ නිසා මසකට අධික කාලයක් ප්‍රතිකාර ලබා ගත්තා.

මී අඹ වනයේ, සඳවට රන් තරු, කිමද සුමිහිරියේ, මි වදයකි ජිවිතේ, සිහින ලොවේ මිහිර මවු මාලී, අම්බිලි මාමේ, මා බාල කාලේ වැනි ගීත රැසක් රසිකයන්ට පිරිනැමුවා. ඒ වගේම එතුමා නැසීගිය ගායන ශිල්පී C.T. ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයෙක්.

අභාවප්‍රාප්ත ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගේ දේහය නො.31/1, බෝධිරාම මාවත, නැදිමාල, දෙහිවල යන ලිපිනයේ තිබෙන එතුමාගේ නිවසේ තැන්පත් කරලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post