News Line| Off Air
Generic placeholder image

May
2

වරුන් ධවාන් ඇඳුම් මහන්න පටන් අරං…

1559 Views


වරුන් ධවාන් ඇඳුම් මහන්න පටන් අරං…

සුපිරි බොලිවුඩ් නළු වරුන් ධවාන්ට තවත් අලුත් Film එකක් ලැබිලා. යෂ් රාජ් Films නිෂ්පාදනය කරන මේ Film එකේ නම සුයි දගා. තවත් Film එකක් ලැබුන වරුන් මුලින්ම කරන්නේ, පිටපත හොඳට කියවලා රඟපාන්න ඕන විදිහ ගැන කල්පනා කරන එක. හැබැයි මේ වෙනුවෙන් වරුන්ට මුලින්ම කරන්න වෙන්නේ ටිකක් අමාරු වැඩක්.

සුයි දාගා ප්‍රධාන චරිතය වෙනුවෙන් රෙදි මහන මැෂින් එකක් ක්‍රියාත්මක කරලා, මුල ඉඳල අගට හරියටම ඉගෙන ගන්න තමයි වරුන් ධවාන් මහන්සි වෙන්නේ.

කාන්තාවෝ හරිම ලේසියෙන් ඇඳුම් මැහුවට, මේ වැඩේ තමන්ට නං ටිකක් අමාරු වුනා කියලයි පුහුණුවීම් අතරතුර වරුන් කියල තිබුනේ. හැබැයි ඉතින් මේ වැඩෙන් බොලිවුඩ් තරුවක් කාලෙකට පස්සේ ඇඳුම් මහනවා බලාගන්න පුළුවන් කියලයි විචාරකයෝ කියන්නේ.


News Articles
Latest Videos
Most Popular Post