News Line| Off Air
Generic placeholder image

May
2

සකර්බර්ග්ගේ වැඩ නිසා WhatsApp නිර්මාතෘ ගෙදර යයි.

1866 Views


සකර්බර්ග්ගේ වැඩ නිසා WhatsApp නිර්මාතෘ ගෙදර යයි.

Facebook සහ WhatsApp කියන්නේ හරියට කිරි පැණියි වගේ. 2014 දී WhatsApp නිර්මාණය කරපු බ්‍රයන් ඇක්ෂන් සහ ජෑන් කොම් WhatsApp ජාලය Facebook සමාගමට විකුණුවා. ඒ ඩොලර් බිලියන 19 කට.

WhatsApp සම නිර්මාතෘ වගේම ප්‍රධාන විධායක නිලධාරී ජෑන් කොම් එම තනතුරින් ඉල්ලා අස්වුණා. ඒ Facebook සමාගම එක්ක ඇති කර ගත්ත රණ්ඩුවක් නිසා.

WhatsApp සමාගම විකුණද්දී Facebook සමාගමට දැඩි කොන්දේසි පැනෙව්වා. ඒ WhatsApp භාවිතා කරන අයගේ තොරතුරු අනිත් අයට දෙන්න එපා කියලා.කොහොම වුනත් පහුගිය දවස්වල Facebook සමාගම තමන් සතු තොරතුරු වෙනත් පාර්ශව වලට දුන්නා කියලා චෝදනා එල්ල වුණා. ඒ නිසා තමයි ජෑන් කොම් සහ Facebook සමාගමත් එක්ක ගැටුමක් ඇති කර ගත්තේ.


News Articles
Latest Videos
Most Popular Post