News Line| Off Air
Generic placeholder image

May
3

ලංකාවේ HIV ආසාධිතයන් වැඩි වෙයි. හේතුව මෙන්න.

1211 Views


ලංකාවේ HIV ආසාධිතයන් වැඩි වෙයි. හේතුව මෙන්න.

HIV AIDS කියන්නේ තාමත් හරි ප්‍රතිකාරයක් හොයාගෙන නැති මාරාන්තික රෝගයක්. අනාරක්ෂිත ලිංගික හැසිරීම් නිසා තමයි වැඩි වශයෙන්ම HIV ආසාධනය වෙන්නේ.

මේ අවුරුද්දේ ජනවාරි පළවෙනිදා ඉඳලා මාර්තු 31 දක්වා කාලයේදී අසධිතයින් 91 දෙනෙක් හමුවෙලා තියෙනවා. පහුගිය අවුරුද්දේ මේ කාලයේදී HIV ආසධිතයින් හමුවෙලා තියෙන්නේ 75 දෙනෙක් විතරයි කියලා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය සඳහන් කරනවා.

මේ අවුරුද්දේ පළවෙනි මාස 3 දී හමුවුන HIV ආසධිතයින්ගෙන් 39 දෙනෙක් පිරිමි සමලිංගික සම්බන්ධතා නිසා රෝගය අසාධනය වෙලා තියෙන්නේ. පිරිමි සමලිංගික සම්බන්ධතා නිසා HIV ආසාධනය වැඩි වෙලා කියලා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය ප්‍රකාශ කරනවා.

ඒ වගේම ලංකාවේ මවගෙන් දරුවාට HIV ආසාධනය වීම් වාර්තා වෙන්නේ නෑ කියලත් ඔවුන් සඳහන් කරනවා. මේ නිසා මවගෙන් දරුවට HIV ආසාධනය වැළක්වූ රටක් විදියට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහතිකය ලබා ගන්න කටයුතු කරනවා කියලා වැඩි දුරටත් සඳහන් කරා.


News Articles
Latest Videos
Most Popular Post