News Line| Off Air
Generic placeholder image

May
3

අවමංගල්‍යය කටයුතු සිදු වුන දවසේ ලෙස්ටර් ගේ සම්මානයත් එක්ක I Phone එකත් අතුරුදහන් වෙලා…

643 Views


අවමංගල්‍යය කටයුතු සිදු වුන දවසේ ලෙස්ටර් ගේ සම්මානයත් එක්ක I Phone එකත් අතුරුදහන් වෙලා…

අභාවප‍්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිවසේ තිබූ රණ මයුර සම්මානයේ අතුරුදහන් වීම ගැන මේ වෙද්දීත් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා. ඒ අතරට ලෙස්ටර් මහතාගේ තවත් භාණ්ඩයක් අතුරුදන් වෙලා තියෙන පොලිසිය හොයාගෙන තියෙනවා. පොලිස් වාර්තාවලට අනුව මේ විදිහට අතුරුදහන් වෙලා තියෙන්නේ රුපියල් ලක්ෂයක් පමණ වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක්.

අවමංගල්‍යය කටයුතු සිදු වුන ඊයේ දවසේ තමයි මේ දුරකථනය අතුරුදහන් වෙලා තියෙන්නේ. අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් ඒම හතාගේ ඥාති දියණියක් බම්බලපිටිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක්ද කරල තියෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂණ කි‍්‍රයාත්මක අතර සැකකරුවන් කවුරුත් මෙතෙක් අත්අඩංගුවට අරගෙන නැහැ.


News Articles
Latest Videos
Most Popular Post