News Line| Off Air
Generic placeholder image

May
3

“මේගන් මාකල්ව විවාහ කර ගන්න එපා. ඔබ තාමත් පරක්කු නෑ” – මේගන්ගේ සහෝදරයා හැරී කුමරුට ලිපියක් එවයි.

1786 Views


“මේගන් මාකල්ව විවාහ කර ගන්න එපා. ඔබ තාමත් පරක්කු නෑ” – මේගන්ගේ සහෝදරයා හැරී කුමරුට ලිපියක් එවයි.

දියුණුවට වැඩියෙන්ම ඊරිසියා කරන්නේ පන දෙන්න වගේ ළඟින්ම ඉන්න අය කියනවනේ. හෙට අනිද්දා වෙන්න තියෙන රාජකීය විවාහයටත් බාල්දියක් පෙරලිලා තියෙනවා. මේ බාල්දිය පෙරලලා තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි.මේගන් මාකල්ගේ සහෝදරයා.

මේගන් මාකල්ව විවාහ කර ගන්න එපා කියලා ඇයගේම සොහොයුරා තෝමස් හැරී කුමරුට ලිපියක් එවලා තියෙනවා. “රාජකීය මංගල ඉතිහාසයේ කරන ලොකුම වැරැද්ද මේක. මේගන් මාකල්ව ඔබට ගැළපෙන කාන්තාව නෙවෙයි” කියලයි ඔහු ලිපියේ සඳහන් කරලා තියෙන්නේ.

“මම පුදුමයට පත්වෙනවා මුළු ලෝකයම දකින සැබෑ මේගන්ව ඔබ දකින්නේ නැති එකට. ඔබ තාමත් පරක්කු නෑ.” කියලයි ඔහු අවසානයට සඳහන් කරලා තියෙන්නේ. හැරී කුමරුගේ සහ මේගන්ගේ විවාහයට මේ සහෝදරයාට ආරාධනා කරලා තිබ්බේ නෑ.


News Articles
Latest Videos
Most Popular Post