තවත් දින කිහිපයකින් ලෝකයේම බලාගෙන ඉන්න විවාහ උත්සවයක් පැවැත් වෙනවා. ඒ හැරී කුමරුගේ සහ මේගන් මාකල්ගේ රාජකීය විවාහය. මේ විවාහ උත්සවයට අරාධනා ලැබිලා තියෙන්නේ විශේෂ අමුත්තන් 300 කට විතරයි.
සුපිරි නිළි ප්‍රියංකා චෝප්රාට ආරධනාවක් ලැබිලා තිබුණා. ඒ ඇය මේගන් මාකල්ගේ හොඳම යාලුවෙක් නිසා. කොහොම වුනත් ප්‍රියංකාගේ සහභාගිත්වය අවිනිශ්චිතව තමයි තිබුණේ. හැබැයි පහුගිය දවසක රූපවාහිනී වැඩසටහනකට එකතු වුන ප්‍රියංකා කිව්වේ තමන් රාජකීය විවාහ උත්සවයට සහභාගී වෙනවා කියලා.
ඒ වගේම මේගන් රාජකීය පවුලට එකතු වුණා කියලා වෙනස් වෙලා නෑ කියාලත් ප්‍රියංකා මේ වැඩසටහනේදී කිව්වා. “මම එයාව දන්නේ අවුරුදු 3 ක විතර ඉඳලා. ඇය තාමත් මාත් එක්ක ගොඩක් Message කරනවා. මට ගොඩාක් සතුටුයි ඇය ගැන. ඒ වගේම විවාහයට යන්න ලැබුන එක ගැනත් සතුටුයි. මම හිතන්නේ ඇය ඉපදුණේ ගෝලීය බලපෑම්කරුවෙක් වෙන්න. ” කියලයි ප්‍රියංකා කිව්වේ.