News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
3

ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් බේරා ගන්න අලුත් ගැලවුම්කාරයෙක් එයි.

1058 Views


ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් බේරා ගන්න අලුත් ගැලවුම්කාරයෙක් එයි.

දකුණු අප්‍රිකානු සංචාරයේදී ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩකයින් 3 දෙනෙක් පන්දුව පළුදු කරලා හසු වුණා. ඒ නායක ස්ටීවන් ස්මිත්, උප නායක ඩේවිඩ් වෝනර් සහ කැමරන් බ්‍රන්ක්‍රොෆ්ට්. චෝදනා පිළිගත්ත නිසා ඔවුන්ට තරඟ තහනම් පැනවුවා.

මේ සිදුවීම් වලින් කළකිරුණ පුහුණුකරු ඩැරන් ලීමන් තනතුරින් ඉල්ලා අස්වුනා. මේ නිසා ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලොකු පිඩනයකින් හිටිය. හැබැයි මේ සියල්ලෙන්ම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ගලවා ගන්න ගැලවුම්කාරයෙක් ඇවිත් තියෙනවා.

ඒ තමයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ අලුත් පුහුණුකරු ජස්ටින් ලැන්ගර්. ඔහු ඕස්ට්‍රේලියාවේ හිටපු සුපිරි පිතිකරුවෙක්. මිට කලින් ඔහු ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සහය පුහුණුකරු විදියට කටයුතු කරා. අවුරුදු 4 ක කාලයක් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම බාර දීලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post