News Line| Off Air
Generic placeholder image

May
4

ශ්‍රී දේවි ජීවත්ව සිටියදී කිසිදා නොලැබුණු සම්මානයක් මිය ගිහින් මාස 2 කට පසු දිනා ගනී. – Photo

808 Views


ශ්‍රී දේවි ජීවත්ව සිටියදී කිසිදා නොලැබුණු සම්මානයක් මිය ගිහින් මාස 2 කට පසු දිනා ගනී. – Photo

ඉන්දීය සිනමාවේ සුපිරි තාරකාවිය ශ්‍රී දේවි මිය ගිහින් තාම වැඩි කාලයක් නෑ. හැබැයි තාමත් රසිකයන්ගේ හදවත්වල ඇය ජීවත් වෙනවා. ඒ වගේම ඇගේ රංගනයන් තාමත් අගැයීමට පාත්‍ර වෙනවා.

2018 ඉන්දීය ජාතික සිනමා සම්මාන උළෙලේදී හොඳම නිළියට හිමි සම්මානය අභාවප්‍රාප්ත ප්‍රවීණ ඉන්දීය රංගන ශිල්පිනී ශ්‍රීදේවි හිමි වුණා. ඇය වෙනුවෙන්එ ම සම්මානය ලබා ගත්තේ ශ්‍රීදේවිගේ ස්වාමිපුර්ෂයා වන බෝනී කපූර්, දියණියන් වන ජාන්වී කපූර් සහ කුෂී කපූර්.

2017 වසරේ තිරගත වූ “මාම්” සිනමා පටයේ රංගනය වෙනුවෙන් තමයි ඇයට මේ සම්මානය හිමි වුණේ. දශක 5ක සිය සිනමා චාරිකාව තුළ ශ්‍රීදේවි ජාතික සම්මාන උළෙලකදී හොඳ ම නිළියට හිමි සම්මානය දිනා ගත්ත පළවෙන් අවස්ථාව.


News Articles
Latest Videos
Most Popular Post