News Line| Off Air
Generic placeholder image

May
4

හැරී සහ මේගන් රාජකීය විවාහයේදී ඇමෙරිකානු සිරිත් විරිත් වලට මුල් තැන.

1119 Views


හැරී සහ මේගන් රාජකීය විවාහයේදී ඇමෙරිකානු සිරිත් විරිත් වලට මුල් තැන.

එළඹෙන මැයි 19 වෙනිදා ලෝකයම බලාගෙන ඉන්න රාජකීය විවාහය සිද්ධ වෙනවා. ඒ හැරී කුමාරයා සහ මේගන් මාකල් අතර. සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍ය රාජකීය විවාහ උත්සව පවත්වන්නේ බ්‍රිතාන්‍ය සම්ප්‍රදායට නේ. හැබැයි හැරී සහ මේගන්ගේ විවාහයට ඇමෙරිකානු සිරිත් විරිත් ඇතුලත් කරලා තියෙනවා.

හැරී කුමරු ඔටුන්න හිමි ලයිස්තුවේ පහළින් ඉන්න නිසා ඔහුට වැඩිය රාජකීය නීති රීති බලපාන්නේ නෑ කියලයි වාර්තා වෙන්නේ. ඒ නිසා හැරී කුමරුට සහ මේගන්ට ඔවුන් කැමති විදියට විවාහ උත්සවය සංවිධානය කරන්න නිදහස ලැබිලා තියෙනවා.

සාමාන්‍යයෙන් රාජකීය මංගල සිරිත තමයි විවාහයට මල් සැරසිලි අඩුවෙන් භාවිතා කරන එක. හැබැයි මේගන් ඇයගේ විවාහයට ඇමෙරිකාවේ විදියට විශාල මල් සැරසිලි යොදාගෙන තියෙනවා.

සාමාන්‍යයෙන් රාජකීය විවාහයකදී දෙවෙනි මනමාලියන්ට ඉන්නේ කුඩා ළමයි. හැබැයි හැරීගේ විවාහයට මේගන්ගේ යාළුවන් දෙවෙනි මනාලියන් විදියට යොදා ගන්න නියමිතයි.

ඒ වගේම රාජකීය විවාහයට ඇමෙරිකානු කෑම වර්ග යොදා ගන්නත් නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post