News Line| Off Air
Generic placeholder image

May
5

“කලාවට වඩා මව් පදවියට මුල් තැන දෙනවා” – හිමාලි සිරිවර්ධන මේ දවස්වල වැඩිය පෙන්න නැති හේතුව මෙන්න…

3329 Views


“කලාවට වඩා මව් පදවියට මුල් තැන දෙනවා” – හිමාලි සිරිවර්ධන මේ දවස්වල වැඩිය පෙන්න නැති හේතුව මෙන්න…

හිමාලි සිරිවර්ධන නර්තන ශිල්පිනියක් වගේම නිළියක් විදිහට අතිශය කාර්යබහුලව ගත කරපු කාලයක් තිබුණා. පසුගිය කාලයේ රූපවාහිනී නර්තන තරඟාවලී වල විනිසුරුවරියක විදිහටත් ඇයව දකින්න ලැබුණා. එත් මේ දවස්වල ඇය සුපුරුදු විදිහට අපට පෙන්න එන්නේ නෑ. මේකට හේතුව මේ දිනවල ඇය කලා කටයුතුවලින් තාවකාලිකව දුරස්ව වෙලා නිවසට වී විවේකී සුවයෙන් ඉන්න එක.

හිමාලි සිරිවර්ධන මේ විදිහට විවේකීව ඉන්නේ ඇය මව් පදවියට ලෑස්තිවෙලා ඉන්න නිසා. ඉතින් ඒ ගැන ඇයත් එක්ක කරපු සාකච්ඡාවක් තමයි මේ.

කලා කටයුතු හින්දා දැඩි අවිවේකි දිවියක් ගෙවූ හිමාලි මේ දවස්වල ගොඩක් විවේකයෙන් ඇති…
කලා කටයුතුවලින් නම් තාවකාලිකව දුරස්වෙලා ඉන්නවා. ඒත් විවේකයෙන් ඉන්නවා කියන්න බැහැ. මොකද මම තමයි ගෙදර සියලු කටයුතු කරන්නේ. දරුවකු ලැබෙන්න ඉන්න කාන්තාවකට විවේකය අවශ්‍යයයි. ඒත් නිකම්ම ගෙදරට වෙලා ඉන්න එක සුදුසු නැහැ.. ඇයට ශාරිරික ව්‍යායාම් අවශ්‍යයි. මම නිවසේ කටයුතු වගේම ව්‍යායාම් කටයුතුත් කරනවා. මගේ අපේක්ෂාව සාමාන්‍ය දරු ප්‍රසූතියකට මුහුණ දෙන එක. ඒ නිසා මට ශාරීරික ව්‍යායාමය ගොඩක් වැදගත්.

මොනවද ඔබ කරන ව්‍යායාම් කටයුතු ?
ඇවිදීම තමයි හොඳම ව්‍යායාමය. හවස් වරුවේ ටිකක් ඇවිදින්න යනවා.

මව්වරුන් වන්නට සිටින කාන්තාවන්ට වැදගත් වේවි අද ඔබ දවස ගෙවන ආකාරය කෙසේද කියන එක..
සැමියා රාජකාරියට යන හින්දා මට උදේ පාන්දර නැගිටලා උයන්න වෙනවා. මගේ අත් උදව්වට අක්කා ඉන්නවා. ඒත් ගේ දොර කටයුතු සියල්ලම මගේ අතින් තමයි සිදුවන්නේ.

ගැබිනි මවකට ශාරීරික ව්‍යායාම් වගේම විවේකයත් අවශ්‍යයයි ..
අනිවාර්යයෙන්ම ඔව්. ව්‍යායාම් .. විවේකය වගේම දරුවාගේ මොළේ වර්ධනයට වියයුතු දේවලුත් තියෙනවා. මමත් මේ දවස්වල කාලය යොදන්නේ ඒ සියලුම දේවල් සමග තමයි. මට මේ දිනවල තියෙන ලොකුම අපහසුව රෑට නින්ද නොයාම. ඒ හින්දා අලුයම නැගිටලා උයන පිහන කටයුතු කරලා සැමියා රැකියාවට ගියාට පස්සේ උදේ ආහාරය අරගෙන ටිකක් නිදාගන්නවා.

දරුවාගේ මොළේ වර්ධනයට වියයුතු දේවලුත් තියෙනවා කියා ඔබ පැවසුවා. ඒ ගැන වැඩිදුරට කතාකළොත් …. ?
ගැබිනි කාන්තාවන්ට අසන්නට සුදුසු සංගීතය මම අහනවා. ඒ ගැන මාවයි සැමියවයි දැනුවත් කළේ නි‍ලේන්ද්‍ර අයියා. (නි‍ලේනද්‍ර දේශප්‍රිය) එය වාද්‍ය සංගීතයක්. සරල භාවාත්මක සංගීත ඛණ්ඩ තමයි එහි තියෙන්නේ. ගැබිනි කාන්තාවන් ඒවා ඇසුවාම දරුවාගේ මොළේ වර්ධනයට ඉතා යහපත් බවයි කියැවෙන්නේ. මම ගීත අහන්න ගොඩක් කැමති කෙනෙක්. ඒත් කාර්යබහුලත්වය හිංදා ගීතයක් අහන්නවත් රූපවාහිනිය නරඹන්නවත් මට විවේකයක් තිබුණෙ නැති තරම්. මේ දවස්වල නිවසටම වෙලා ඉන්න නිසා හිතේ හැටියට ගීත අහන්න පුළුවනි. රූපවාහිනි නරඹන්නත් වෙන් කරන්න දැන් මට කාලය තියෙනවා.

මොනවද හිමාලි මේ දවස්වල අහන ගී ..
මම කොහොමත් අමරදේව සූරීන්ගේ ගීතවලට කැමතියි. ඒ වගේම ඉන්ද්‍රානි පෙරේරා, ශෂිකා නිසංසලා, නිරෝෂා විරාජිනී වගේ අයගේ ගීතවලටත් කැමතියි. පැරණි ගී අහන්න මම ගොඩක් කැමතියි. මේ දවස්වල දරුවන් සම්බන්ධ ගී වැඩිපුර අහනවා. නන්දා මාලනීගේ “අම්මාවරුනේ” මරියසෙල් ගුණතිලකගේ “සිහින නෙළුම් මල් දෝත දරා..” සුජාතා අත්තනායක ගයන “පුතුනේ මේ අහගන්න පුතුනේ..” වගේ ගීත ඒ අතර තියෙනවා.

හිමාලිගේ කටයුතුවලට සැමියාගෙන් ලැබෙන සහය කොහොමද .. ?
මගේ සැමියා සෙනාශ් පෙරේරා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ව්‍යාපාර ප්‍රවර්ධන අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරනවා. එයා ගොඩක් කාර්යබහුල කෙනෙක් හින්දා නිතරම මගේ ළඟට වෙලා තනියට ඉන්න බැහැනේ.. ඒත් ලැබෙන විවේකය ගෙවන්නේ මාත් එක්කම තමයි…

කලා ලොවේ හිතවතුන් හිමාලිගේ දුක සැප විමසනවද .. ?
ඔව් .. පුළුවන් වෙලාවට එන යන අය වගේම මාව බලන්න එන අයත් ඉන්නවා. උපුලි, හේමාල්, ධනුක, මල්කාන්ති ජයසිංහ වගේ ගොඩක් අය විවේකයක් ලැබුණ හැටියෙම ඇවිල්ල යන්න එනවා.

මතු දවසක නැවතත් කලා ක්ෂේත්‍රයට එනවාද .. ?
ඔව් .. බබා ඉපදුණාම එයා එක්ක කාලයක් ඉන්න ඕන. මොකද කලාවට වඩා මව් පදවියට මුල් තැන දෙනවා. ඊට පස්සේ ආයෙම නර්තනය රංගන කටයුතු සඳහා එකතුවනවා.


News Articles
Latest Videos
Most Popular Post