News Line| Off Air
Generic placeholder image

May
6

ලෙස්ටර් මහතාගේ නැතිවුන සම්මානය සුඛෝපභෝගී බස් රථයකින් හමුවෙයි.

472 Views


ලෙස්ටර් මහතාගේ නැතිවුන සම්මානය සුඛෝපභෝගී බස් රථයකින් හමුවෙයි.

ආචාර්ය ලෙස්ටර් ජේමිස් පිරිස් මහතා ජිවන සිනමාවෙන් සමු අරන් තාම වැඩි දවසක් නෑ. එතුමාගේ අවමගුල් උත්සවය දවසේ එතුමා වඩාත් ආදරය කල රණ මයුර සම්මානය අතුර්දහන් වුණා.

ඒ සම්මානය සුඛෝපභෝගී බස් රථයක තිබිලා හොයාගෙන තියෙනවා. කඩුවෙල – කොල්ලුපිටිය මාර්ගයේ ධාවනය වෙන සුඛෝපභෝගී බස් රථයක තමයි මේ සම්මානය තිබිලා තියෙන්නේ.

මේ සම්මානය බස් රථයේ භාණ්ඩ රදවනයේ තියෙනවා දැකලා බස් රථයේ රියදුරා කොල්ලුපිටිය පොලිස් ස්ථානයට දැනුම් දීලා තියෙනවා. ජීවිතයේදී එක වරක් පමණක් ලැබෙන මේ සම්මානය 2000 වසරේදී 31 වන අන්තර් ජාතික සිනමා සම්මාන උළෙලේදී ලෙස්ටර් ජේමිස් පීරිස් මහතාට ලැබුණා.


News Articles
Latest Videos
Most Popular Post