News Line| Off Air
Generic placeholder image

May
6

ජයසූරියගේ තුන්ඉරියව් දක්ෂතා කොළඹට ජය ගෙනෙයි. අශාන් ප්‍රියන්ජන්ගේ ශතකය වැස්සට යටවෙයි. – Photo

830 Views


ජයසූරියගේ තුන්ඉරියව් දක්ෂතා කොළඹට ජය ගෙනෙයි. අශාන් ප්‍රියන්ජන්ගේ ශතකය වැස්සට යටවෙයි. – Photo

සුපිරි පළාත් තරඟාවලියේ තවත් තරඟ 2 ක් ඊයේ පැවැත් වුණා. පළවෙනි තරඟය පැවැත්වුනේ කොළඹ සහ නුවර කණ්ඩායම් අතර. ලකුණු 58 ක දැවැන්ත ජයක් ලබා ගන්න කොළඹ කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දුන්න කොළඹ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 299 ක් ලබා ගත්තා.

තිරිමාන්න ලකුණු 25 යි. 4 වෙනි කඩුල්ලට පිටියේ එක්වුන ෂෙහාන් ජයසූරිය සහ චාමර සිල්වා ලකුණු 165 ක් දැවැන්ත සබදතාවක් ගොඩනැගුවා. චාමර සිල්වා ලකුණු 87 යි. සුපිරි ඉනිමක් ක්‍රීඩා කල ෂෙහාන් ජයසූරිය ලකුණු 110 ක් රැස් කරා. 4 පහර 11 කින් සහ 6 පහර 3 කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා.

පන්දු 4 ක් ඉතිරි වෙද්දී කොළඹ කණ්ඩායමේ සියලුම දෙනා දැවී ගියා. ජීවන් මෙන්ඩිස් කඩුලු 4 ක් දවා ගත්තා. නුවර කණ්ඩායමට ලකුණු 300 ක ප්‍රභල ඉලක්කයක් ලැබුණා.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 60 යි. මහේල උඩවත්ත ලකුණු 71 යි. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 27 යි. ප්‍රියමාල් පෙරේරා ලකුණු 23 යි. නුවර කණ්ඩායමේ මැද පෙළ සහ පසුපෙළ පිතිකරුවන් කිසිකෙනෙකුට සාර්ථක වෙන්න අවස්ථාව ලැබුණේ නෑ.

පන්දුවාර 43 යි පන්දු 4 ක් අවසන් වෙද්දී නුවර කණ්ඩායමේ සියලුම දෙන දැවී ගියා. ලක්ෂාන් සඳකැන් කඩුලු 4 ක් දවා ගත්තා. දිල්රුවන් පෙරේරා සහ ෂෙහාන් ජයසූරිය කඩුලු 2 බැගින් දවා ගත්තා.

ගාල්ල සහ දඹුල්ල කණ්ඩායම් අතර තරඟයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 11 ක ජයක් ගාල්ල කණ්ඩායමට ලැබුණා. මුලින්ම පන්දුවට පහර දුන්න දඹුල්ල කණඩායම ලකුණු 257 ක් රස කරා.

අශාන් ප්‍රියන්ජන් සහ මිලින්ද සිරිවර්ධන එකතු වෙලා ලකුණු 92 ක ශක්තිමත් සබඳතාවක් ගොඩනැගුවා. මිලින්ද ලකුණු 45 යි. සුපිරි ඉනිමක් ක්‍රීඩා කල අශාන් ප්‍රියන්ජන් ලකුණු 101 යි. ඔහුගේ ඉනිම 4 පහර 6 කින් සහ 6 පහර 4 කින් ශක්තිමත් වුණා. කෝසල කුලසේකර ලකුණු 30 යි.

පන්දුවාර 50 අවසානයේ දඹුල්ල කණ්ඩායම ලකුණු 257 ක් රැස් කරා. ඒ කඩුලු 8 ක් දැවී. දසුන් ශානක කඩුලු 3ක් දවා ගත්තා. සුරංග ලක්මාල් සහ නිසල් තාරක කඩුලු 2 බැගින් දවා ගත්තා.

ලකුණු 258 ක් හඹා ගිය ගාල්ල කණ්ඩායමට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. රමිත් රඹුක්වැල්ල ලකුනු 29 යි. නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කල උපුල් තරංග ලකුණු 86 යි. ඒ 4 පහර 11ක් සහ හයේ පහරක් සමඟ. දසුන් ශානක සහ ශම්මු අශාන් ලකුණු 26 බැගින් රැස් කරා.

පන්දුවාර 46 ක් අවසාන වෙද්දී තරඟයට වර්ෂාවෙන් බාධා ඇති වුණා. ඒ නිසා ඩක්වත් ලුවිස් න්‍යාය අනුව තරඟයේ තීරණය ලබා දුන්නා. ලකුණු 11 ක ජයක් ගාලු කණ්ඩායමට හිමි වුණා. අසිත ප්‍රනාන්දු කඩුලු 3 ක් දවා ගත්තා. අමිල අපොන්සු කඩුලු 2 යි.


News Articles
Latest Videos
Most Popular Post