හැරී මේගන් රාජකීය විවාහයට තව තියෙන්නේ දවස් කිහිපයක් විතරයි. ඒ නිසා මේ දවස්වල බ්‍රිතානය් රජ මාළිගාවේ ආහස උසට වැඩ. ඒ අතරේ වැඩියෙන්ම වැඩ තියෙන කෙනෙක් තමයි මේගන් මාකල්.
රාජකීය විවාහයේදී හැඩට වැඩට ඉන්න මෙගන් මේ දවස්වල සූදානම් වෙනවා. ඒකට ඇයට උදව් කරන්න රූපලාවන්‍ය බලකයක්ම ඉන්නවා. මේ කියන්න යන්නේ මේගන්ගේ රූපලාවන්‍ය බළකාය ගැන.
1. මුහුණේ සම පිළිබඳ විශේෂඥවරිය
නිකොලා ජොස් තමයි මේගන්ගේ මුහුණ ලස්සන කරන වැඩේ බාර අරගෙන තියෙන්නේ/ අවුරුදු 5 ක් තිස්සෙම නිකොලා ජොස් ගෙන් තමයි මේගන් මුහුණ ලස්සන කරගෙන තියෙන්නේ. ඇය පවුම් 260 මුදලක් අය කරනවා කියලයි සඳහන් වෙන්නේ.
2. භාවනා ගුරුවරයා
රාජකීය විවාහයක් කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි නේ. ඒ නිසා ලොකු පීඩනයක් මේගන්ට තියෙනවා. ඒ නිසා භාවනාවෙන් හිත සන්සුන් කර ගන්න ගුරුවරයෙක් ළඟට මේගන් ගිහින්. ලයිට් වොට්කින්ස් තමයි ඇයගේ භාවනා ගුරුවරයා. පවුම් 1000 ක මුදල ඔහු අය කරනවා.
3. කොණ්ඩා මෝස්‌තර විශේෂඥයා
කොණ්ඩය කියන්නේ මනාලියකගේ කැපී පෙනෙන අංගයක්. ඒ නිසා විවාහයේදී ලස්සන කොණ්ඩා මෝස්තරයකින් සැරසෙන්න හැමෝම කැමතියි. මිගෙල් පෙරෙස් තමයි මේගන්ගේ කොණ්ඩා මෝස්‌තර ශිල්පියා.
4. ඇහි බැම සැකසුම් ශිල්පිනිය
ඇහි බැම ගැන ගැහැණු ළමයි ගොඩක් හිතනවා. මොකද මුහුණේ ලස්සනට ඇහි බැමත් ගොඩක් බලපාන නිසා. ෂෙරීල් රිලේ තමයි මේගන්ගේ ඇහි බැම සැකසුම් ශිල්පිනිය. 2016 ඉඳන්ම මේගන් ඇයගෙන් තමයි ඇහිබැම සකසා ගන්නේ.
5. ශරීර පුහුණුකරු
මනාලියක් වුනාම මුහුණ වගේම ශරීරයත් ලස්සනට තියා ගන්න ඕන. හෙදර් ඩොරාක් තමයි රාජකීය විවාහයේදී මේගන්ට ශරීරය ලස්සනට තියා ගන්න හැටි කියලා දෙන්නේ.