Facebook හරහා ත්‍රස්තවාදී ජාලයක් නිර්මාණය කරන්න උදව් කරනවා කියලා පරිගණක විශේෂඥයින් හෙළිදරව් කරනවා. එකට හේතු වෙලා තියෙන්නේ Facebook වල තියෙන ‘suggested friends’ පහසුකම.
‘suggested friends’ පහසුකම් මඟින් එකම අදහස් ඇති, එක විදියට හිතන අයව හඳුන්වා දෙනවා. ඒ නිසා ත්‍රස්තවාදීන්ට ලෝකය පුරා ත්‍රස්තවාදී ජාලයක් හදන්න පහසු වෙනවා කියලයි විශේෂඥයින් හෙළි කරන්නේ.
Counter-Extremism ව්‍යාපෘතිය මඟින් හෙළි වෙලා තියෙන්නේ ISIS සංවිධානයට මේ මඟින් ලෝකය පුරා තමන්ගේ ජලය විසුරුවන්න යොදාගෙන තියෙනවා කියලා. රටවල් 96 ක් ඉන්න ISIS ආධාරකරුවන් මේ හරහා එකතු වෙලා තියෙනවා.
අන්තවාදී අදහස් දරන පුද්ගලයින් එකිනෙකා ‘suggested friends’ විශේෂාංගය හරහා හදුන්වා දීලා තියෙනවා. මේ නිසා අන්තවාදී නොවන පිරිස් පවා අන්තවාදී වෙන්න රුකුලක් වෙනවා කියලා CEP නිලධාරීන් ප්‍රකශ කරනවා.
මේ චෝදනාව ගැන Facebook සමාගමේ ප්‍රකාශකයෙක් අදහස් දක්වලා තිබ්බා. “Facebook වලට ත්රස්තවාදීන්ට තැනක් නැහැ. Facebook භාවිතා කරන ත්‍රස්තවාදීන් හෝ ත්‍රස්තවාදී කණ්ඩායම් නොමැති බව තහවුරු කිරීම සඳහා අප ක්‍රියාකාරී ලෙස ක්‍රියා කරමින් ඉන්නවා. අපි ත්‍රස්තවාදයට ප්‍රශංසා කරන හෝ අනුබල දෙන ඕනෑම අන්තර්ගතයක් ඉවත් කරනවා.” කියලයි ඔහු සඳහන් කරේ.