News Line| Off Air
Generic placeholder image

May
7

“සම්මානය ගත්තේ විකුණන්න නෙවෙයි. මළ ගෙදරට ආව ප්‍රභල දේශපාලඥයෙකුගේ පර්ස් එකටත් විද්දා.” – රණ මයුර සම්මානය හොරකම් කළ නම ගිය හොරු රංචුව හෙළිකරයි.

2035 Views


“සම්මානය ගත්තේ විකුණන්න නෙවෙයි. මළ ගෙදරට ආව ප්‍රභල දේශපාලඥයෙකුගේ පර්ස් එකටත් විද්දා.” – රණ මයුර සම්මානය හොරකම් කළ නම ගිය හොරු රංචුව හෙළිකරයි.

අභාවප්‍රාප්ත ලෙස්ටර් ජේමිස් පීරිස් මහතාගේ රණ මයුර සම්මානය සොරා ගත්ත පුද්ගලයින් 5 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඊයේ රාත්‍රියේ තමයි මේ සැකකරුවන් අත්අඩංගුවට අරගෙන තියෙනවා.

පොලිසිය පවසන්නේ ඔවුන් රටේ ලියාපදිංචි ගැට කපන්නන් කියලා. ප්‍රශ්න කරද්දී ස්කකරුවන් කියලා තියෙන්නේ සම්මානය සොරා ගැනීම පිළිබඳව මාධ්‍ය ඔස්‌සේ ලොකු ප්‍රචාරයක්‌ ලැබුන නිසා තමන් ගොඩක් බය වුණා කියලා. ඒ නිසා සම්මානය බස් රථයේ දමා ගියා කියලා. සම්මානය විකුණන්න උත්සහා කරේ නෑ කියලා සැකකරුවන් පවසලා තියෙනවා.

ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ මහතාගේ i Phone එක සොරා ගෙන තියෙන්නේත් මේ කල්ලිය. ඔවුන් ජංගම දුරකථනය අලෙවි කරලා තියෙනවා. ඒ දුරකථනයත් පොලිසියේ භාරයට අරගෙන තියෙනවා. i Phone එකත් අයෙත් ලෙස්ටර් මහතාගේ නිවසට ගෙනත් දන්නා සිටියේ කියලා සැකකරුවන් ප්‍රකශ කරලා තියෙනවා.

අවමංගල්‍යයට පැමිණි ප්‍රබල දේශපාලනඥයකුගේ මුදල් පසුම්බියත් මෙම සැකකරුවන් සොරකම් කරලා. හැබැයි දේශපාලනඥයා පොලිසියට පැමිණිල්ලක්‌ නම් කරලා නෑ. ධනවත් පුද්ගලයන්ගේ අවමඟුල් උත්සවලට පැමිණ කලබල අවස්‌ථාවල නිවෙස්‌වල ඇති වටිනා දේපළ සොරා ගැනීම තමයි මේ කල්ලියේ ජාවාරම වෙලා තියෙන්නේ.

එක්‌සත් ජාතික පක්‍ෂ මැයි රැලියට සහභාගි වන ධනවත් පුද්ගලයින්ගේ මුදල් පසුම්බි සොරාගැනීමට සැලසුම් කරගෙන හිටියා කියලත් ඔවුන් සඳහන් කරා.


News Articles
Latest Videos
Most Popular Post