ඉන්දියාව කියන්නේ තමන්ගේ වාසියට ක්‍රිකට් වෙනස් කරන රටක්. ICC ය වුනත් නටන්නේ ඉන්දියාවේ පදයට කියන එක ක්‍රිකට් ගැන පොඩි හෝ දැනුමක් තියෙන කෙනෙක්ට තේරෙනවා.
ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ලබන දෙසැම්බර් 6 වෙනිදා පවත්වන්න නියමිත දිවා රාත්‍රී ටෙස්ට් තරඟයට සහභාගී වෙන්න බෑ කියලා ඉන්දියාව දැනුම් දීලා තියෙනවා. මේ නිසා ඒ තරඟය දිවා තරඟයක් විදියට පවත්වන්න ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කරලා තියෙනවා.
ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර දිවා රාත්‍රී ටෙස්ට් තරඟය පවත්වන්න නියමිතව තිබුණේ ඇඩිලේඩ් ක්‍රීඩාංගනයේදී. ඇඩිලේඩ් කියන්නේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පාරාදීසයක්. ඕස්ට්‍රේලියානු කණ්ඩායම දිවා රාත්‍රී ටෙස්ට් තරඟ 4 කට සහභාගී වෙලා තියෙනවා. ඉන් තරඟ 3 කම පවත්වලා තියෙන්නේ ඇඩිලේඩ් ක්‍රීඩාංගනයේ. ඕස්ට්‍රේලියාව සහභාගී වුන දිවා රාත්‍රී ටෙස්ට් තරඟ 4 ම ජයග්‍රහණය කිරීමත් විශේෂත්වයක්.
කොහොම වුනත් ඉන්දියාව මේ දක්වා කිසිම දිවා රාත්‍රී ටෙස්ට් තරඟයකට ක්‍රීඩා කරලා නෑ. ඒ නිසා ඔවුන් දිවා රාත්‍රී ටෙස්ට් තරඟ ක්‍රීඩා කරන්න බයෙන් ඉන්නවා කියලයි විචාකයින් කියන්නේ. මේ වෙද්දී ICC ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් වල ඉන්දියාව පලවෙනි ස්ථානයේ රැඳී ඉන්නවා. සමහර විට ඔවුන්ගේ පළවෙනි ස්ථානය රක ගන්න එක බාධාවක් කියලා හිතනවා වෙන්නත් පුළුවන්.
කොහොම වුනත් ICC නීති රීති වලට අනුව සත්කාරක රටට තමන්ගේ කැමැත්ත පරිදි දිවා රාත්‍රී ටෙස්ට් තරඟ පවත්වන්න පුළුවන්.