මෙගන් මාකල් කියන්නේ හැරී කුමරුගේ අත ගන්න ඉන්න තරුණිය කියලා දැන් මුළු ලෝකයම දන්නවා. මැයි 19 වෙනිදා තමයි හැරී මේගන්ගේ රාජකීය විවාහය පවත් වෙන්නේ.
මේ වෙද්දී ලෝකයේම අවධානය දිනා ගත්ත කෙනෙක් විදියට මේගන් තමන්ගේ ඇඳුම් පැළදුම් ගැන ගොඅක් සැළකිලිමත් වෙනවා. මොකද මේගන්ව අනුකරණය කරන්න ලෝකය පුරා ගොඩක් තරුණියන් බලාගෙන ඉන්නවා. ඊයේ අපි ඔබට මේගන්ගේ ඇදුම් විලාසිතා ගැන කිව්වා.
අද කියන්න යන්නේ මේගන්ගේ සුපිරි පාවහන් එකතුව ගැන. ඇයගේ පාවහන් එකතුවේ පාවහන් යුගල් 40 ක් පමණ තියෙනවා. ඒවායේ මුළු වටිනාකම පවුම් 20,000 ක් විතර වෙනවා. මේ තියෙන්නේ ඇයගේ පවන් එකතුවෙන් කිහිපයක්.