News Line| Off Air
Generic placeholder image

May
9

“හෙට මං ඔයාගේ වෙනවා…” – උමාරියා, රුවන් හෙට්ටිආරච්චිට කියයි.

916 Views


“හෙට මං ඔයාගේ වෙනවා…” – උමාරියා, රුවන් හෙට්ටිආරච්චිට කියයි.

මෑතකාලයේ බිහි වුන ජනප්‍රිය සින්දු විශාල ප්‍රමාණයකට හිමිකම් කියන ගායකයෙක් තමයි රුවන් හෙට්ටිආරච්චි. ඉතින් රුවන් ඔහුගේ ගීතවල Music Video වලට ගොඩක් වෙලාවට, නිරූපිකාවක් විදිහට සම්බන්ධ කරගන්නේ ඔහුගේ බිරිඳ වන ෂෙරිල් ඩෙකර්ව. හැබැයි ළඟදී දවසක YouTube එකට එකතු කරලා තියෙන Music Video එකකට ඔහු ෂෙරිල්ව සම්බන්ධ කරගෙන නැහැ. මේ Video එකේ ඔහුත් එක්ක ඉන්නේ ජනප්‍රිය ගායන ශිල්පිණී උමාරියා සින්හවංශ.

මේ ගීතය තමයි රුවන් උමාරියා එක්ක වගේම, ඔහු මුලින්ම කරපු යුග ගීතය. ගීතය නම් කරලා තියෙන්නේ “හිරු මල්” කියන නමින්. උමරියාගෙන් මේ සින්දුව කරමුද කියල රුවන් ඇහුවම, උමාරියා ඔහුත් එක්ක මේ සින්දුව කියන්න එක පයින් කැමති වුණා කියලයි රුවන් අපිත් එක්ක කිව්වේ. මේ තියෙන්නේ ඒ සින්දුව.

https://youtu.be/RHH9NE9-yNc


News Articles
Latest Videos
Most Popular Post