සෝනම් කපූර් කියන්නේ බොලිවුඩ් වල ඉන්න ලාබාලම නිළියක්. සෝනම්ට එච්චර ඉක්මනට බොලිවුඩ් එන්න පුළුවන් වුනේ තාත්තා නිසා. ඒ තමයි සුපිරි බොලිවුඩ් නළු අනිල් කපූර්.
සෝනම් කපූර් ඊයේ විවාහ වුණා. සෝනම්ගේ අත ගන්න වාසනාවන්ත වුනේ ආනන්ද් අහුජා කියන ව්‍යාපාරිකයා. විවාහ උත්සවය පැවැත්වුනේ මුම්බායි නුවර. සෝනම්ගේ නැන්දනියක් වුන කවිතා සිං ගේ රොක්ඩේල් බංගලාවේ තමයි විවාහය පැවැත්වුනේ.
සීක් සම්ප්‍රදායට අනුව තිබ්බ මේ විවාහ උත්සවයට ඉන්දීය සුපිරි නළු නිළියන් මෙන්ම අධ්‍යක්ෂවරු රැසක් ඇවිත් හිටියා. මේ තියෙන්නේ සෝනම් කපූර්ගේ විවාහ උත්සවයට ආව නළු නිළියන්ගේ ඡායාරූප.