News Line| Off Air
Generic placeholder image

May
9

“Whatsapp Text Bomb” එකක් ඔබටත් ආවාද? එහෙනම් ඔබේ දුරකථනයත් අනතුරේ.

945 Views


“Whatsapp Text Bomb” එකක් ඔබටත් ආවාද? එහෙනම් ඔබේ දුරකථනයත් අනතුරේ.

Whatsapp කියන්නේ ලෝකයේ විශාල පිරිසක් භාවිතා කරන සමාජ මාධ්‍ය ජාලයක්. Whatsapp හරහා ඔබටත් විවිධ Message එනවා ඇති. Whatsapp වලින් එන “Text Bomb” නිසා ඔබේ දුරකතනයට හානි වෙන්න පුළුවන් කියලා සමාජ ජාල විශේෂඥයින් අනතුරු අඟවනවා.

Whatsapp හරහා එන මේ Text Bomb වලින් ඔබේ දුරකතනයේ මෙහෙයුම් පද්ධතියට හානි සිදු කරනවා. iOS සහ Android මෘදුකාංග වලට මේ Text Bomb එකෙන් හානි සිදු කරනවා.

Text Bomb බෝම්බ හදුනා ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එක Text Bomb එකක් එන්නේ ‘This is very interesting’ කියලා පටන් ගන්නා කෙටි පණිවිඩයකින්. සිනහා වෙන emoji එකක් සහිත මේ Text Bomb එකේ අවසානයට ‘read more’ කියලා සඳහන් වෙනවා. වැඩි දුරටත් කියවන්න ඔබ ‘read more’ click කර ගමන Text Bomb එක ඔබේ දුරකථනය අක්‍රිය කරනවා.

Whatsapp හරහා එන තවත් Text Bomb එකක් කළු පැහැති තිතක් සමඟ ‘if you touch the black point then your WhatsApp will hang’ සඳහන් Message එකක් එනවා. ඔබ කළු පැහැති තිත click කර ගමන් දුරකථනය අක්‍රිය වෙනවා.

හදිසියෙවත් මෙවැනි Text Bomb එකක් ඔබේ දුරකතනයට අවොත් ඒ Message එක මත click කිරීමෙන් වළකින්න. ඔබේ දුරකථනය Text Bomb එකෙන් බෙර ගන්න නම් ඒ Message එක හැකි ඉක්මනින් Delete කරන්න. Message එක Delete කරන්න යද්දී ඒ මත click වී Text Bomb එක ක්‍රියාත්මක විය හැකි නිසා පණිවිඩය එවපු යාළුවගේ සම්පූර්ණ Conversation එකම Delete කරන එක තමයි වඩාත්ම සුදුසු.


News Articles
Latest Videos
Most Popular Post