ලෝකයේ බලවත්ම පුද්ගලයා වෙන්න කවුද අකමැති. හැබැයි ඉතින් ලේසියෙන් ලෝක බලවතෙක් වෙන්න බෑ. හැම අවුරුද්දෙම “ෆෝබ්ස්” සඟරාව ලෝකයේ බලවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවක් සකස් කරනවා. මේ අවුරුද්දේ ලෝක බලවතුන්ගේ නම් ලැයිස්තුව ෆෝබ්ස් සඟරාව නම් කරලා තියෙනවා.
2013 ඉදන් නොකඩවා ලෝකයේ බලවත්ම පුද්ගලයා වුනේ රුසියාවේ ව්ලැද්මීර් පුටින්. හැබැයි මේ අවුරුද්දේ පුටින්ගේ තැන ලබා ගන්න චීන ජනපති ෂින් ජින්පින් ලබා ගෙන තියෙනවා. පුටින්ට මේ සැරේ හිමි වෙලා තියෙන්නේ දෙවෙනි ස්ථානය. ඇමෙරිකාවේ ඩොනල් ට්‍රම්ප්ට ලැබිලා තියෙන්නේ තුන් වෙනි ස්ථානය.
ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මාකල් 4 වෙනි ස්ථානයට නම් කරලා තියෙනවා. ඇමසන් ආයතනයේ හිමිකරු Jeff Bezos පස්වෙනි තැනටත් පාප් වහන්සේ 6 වෙනි තැනටත් නම් කරලා තියෙනවා. බිල් ගේට්ට මේ සැරේ හිමි වෙලා තියෙන්නේ 7 වෙනි ස්ථානය. සවුදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් අල් සවුදි පලවෙනි වරට ලෝකයේ බලවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවට නම් කරලා තියෙනවා. ඔහුට හිමි වෙලා තියෙන්නේ 8 වෙනි ස්ථානය.
අපේ අසල්වැසියාගේ නායකයා නරේන්ද්‍ර මෝඩිට හිමි වෙලා තියෙන්නේ 9 වන තැන. Google ආයතනයේ නිර්මාතෘ ලැරී පේජ් 10 වන ස්ථානය ලබා ගනිද්දී Facebook නිර්මාතෘ මාර්ක් සකබර්ග්ට හිමි වෙලා තියෙන්නේ 13 වන ස්ථානය.
1. Xi Jinping, 64, China
2. Vladimir Putin, 65, Russia
3. Donald Trump, 71, United States
4. Angela Merkel, 63, Germany
5. Jeff Bezos, 54, Amazon.com
6. Pope Francis, 81, Roman Catholic Church
7. Bill Gates, 62, Bill & Melinda Gates Foundation
8. Mohammed bin Salman Al Saud, 32, Saudi Arabia
9. Narendra Modi, 67, India
10. Larry Page, 45, Google
11. Jerome H. Powell, 65, United States
12. Emmanuel Macron, 40, France
13. Mark Zuckerberg, 33, Facebook
14. Theresa May, 61, United Kingdom
15. Li Keqiang, 62, China
16. Warren Buffett, 87, Berkshire Hathaway
17. Ali Hoseini-Khamenei, 78, Iran
18. Mario Draghi, 70, European Central Bank
19. Jamie Dimon, 62, JPMorgan Chase
20. Carlos Slim Helu, 78, America Movil SAB de CV (ADR)