IPL ශූරතාවය අවුරුද්දේ දිනා ගත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම. මේ අවුරුද්දේ මුල් තරඟ වලදී මුම්බායි කණ්ඩායමට එක දිගට පරාජයන්ට මුහුණ දෙන්න වුණා. හැබැයි දැන් ආයෙත් මුබයි ක්‍රීඩකයින් සුපුරුදු දස්කම් අතරට ඇවිත් තියෙනවා. ඊයේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමඟ තිබ්බ තරඟයෙන් ලකුණු 102 දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගන්න මුම්බායි කණ්ඩායම සමත් වුණා.
මුලින්ම පන්දුවට පහර දුන්නේ මුම්බායි කණ්ඩායම. යාදව් සහ නායක ශර්මා ලකුණු 36 බැගින් රැස් කරා. අධිවේගී ඉනිමක් ක්‍රීඩා කල ඉශාන් කිෂාන් ලකුණු 62 යි. 4 පහර 5 කින් සහ දැවැන්ත 6 පහර 6 කින් ඔහුගේ ඉනිම වර්ණවත් වුණා. තවත් වේගවත් ඉනිමක් ක්‍රීඩා කල බෙන් කටින් පන්දු 9 කදී ලකුණු 24 යි.
පන්දුවාර 20 අවසන් වෙද්දී මුම්බායි කණ්ඩායම ලකුණු 210 ක් ලබා ගත්තා. ඒ කඩුලු 4 ක් විතරක් දැවී. චව්ලා කඩුලු 3 ක් දවා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කල කොල්කටා ක්‍රීඩකයින්ට සාර්ථක වෙන්න අවස්ථාව ලැබුණේ නෑ. ක්‍රිස් ලයින් ලකුණු 21 යි. රානාට ලබා ගන්න පුළුවන් වුනෙත් ලකුණු 21 ක් විතරයි. ටොම් ලකුණු 18 යි.
අනිත් කිසිම ක්රිදකයෙක්ට ලකුණු 20 සිමාව පහු කරන්න බැරි වුණා. පන්දුවාර 18 යි එක පන්දුවක් අවසන් වෙද්දී කොල්කටා කණ්ඩායමේ ඉනිම අවසන් කරන්න මුම්බායි පන්දු යවන්නන් සමත් වුණා. හාර්තික් පාණ්ඩ්‍ය සහ කෘනල් පාණ්ඩ්‍ය කඩුලු 2 බැගින් දවා ගත්තා. තරඟයේ වීරයා ඉශාන් කිෂාන්.