ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ සිදු වූ පළමු සංක්‍රාන්තික ලිංගික විවාහය අද (10) සිදු වෙලා තියෙනවා. මේ විවාහය සිදු කලේ හින්දු චාරිත්‍රයට අනුව. ඉන්දියාවේ හින්දු පුවත්පත වාර්තා කරන්නේ මේ විවාහය සිදු කරල තියෙන්නේ විශේෂ විවාහ පනතක් අනුව කියලයි.
මේ විදිහට විවාහ දිවියට එළඹුණේ සුර්යා සහ ඉෂාන් කේ ශාන් නමැති යුවලක්. මේ දෙන්නම සංක්‍රාන්ති ලිංගිකයන්. සුර්යා කියන්නේ පුරුෂයකු විදිහට ඉඳලා කාන්තාවක් බවට පත් වුන කෙනෙක්. ඒ වගේම ඉෂාන් කියන්නේ කාන්තවක් විදිහට ඉඳලා පිරිමි පුද්ගලයකු බවට පත් වුන කෙනෙක්.
ඒ වගේම මේ විවාහය සිද්ධ වෙලා තියෙන්නේ දෙපැත්තේ පවුල් වල පුර්ණ ආශීර්වාදය මැද්දේ කියලයි ඉන්දියාවෙන් වාර්තා වෙන්නේ.
මේ තියෙන්නේ විවාහ උත්සවයේ ඡායාරුප