News Line| Off Air
Generic placeholder image

May
11

ලෝකයේ පළවෙනි වතාවට කරාපිටිය රෝහලේදී සිදු වුන අනතුර මෙන්න.

1700 Views


ලෝකයේ පළවෙනි වතාවට කරාපිටිය රෝහලේදී සිදු වුන අනතුර මෙන්න.

සැත්කමක් කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි. පොඩ්ඩ එහා මෙහා වුනොත් ජීවිතයක් නැති වෙන්න පුළුවන්. එ් නිසා සැත්කමකට යොදා ගන්න කුඩා අැල් පෙනෙත්ත පවා උසස් තත්වයෙන් තියෙන්න ඕන. හැබැයි ප්‍රතියෙන් තොර භාණ්ඩ ගැනීම නිසා සිදුවුන අනතුරක් ගැන අපිට වාර්තා වුණා.

මේ සිදුවීම වෙන්නේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ. හදිසි අනතුරු එ්කකයේ සැත්කමක් කරමින් හිටිය වෛද්‍යවරයෙකුග්‍ේ කකුල උඩට ශල්‍යාගාර ඇඳ කඩන් වැටිලා. අනතුරින් වෛද්‍යවරයාගේ පාදයක අැඟිල්ලකට හානි සිදු වෙලා තියෙනවා. එ් නිසා ශල්‍යාගාරයේම හිටිය තවත් වෛද්‍යවරයෙක් අනතුරට ලක්වුන වෛද්‍යවරයාට සැත්කමක් කරලා.

ලෝකයේ පළවෙනි වතාවට තමයි සැත්කමක් කරමින් හිටිය වෛද්‍යවරයෙකුගේ පාදයක් මතට ශල්‍යාගාර ඇඳ කඩන් වැටිලා තියෙන්නේ. මේ ශල්‍යාගාර ඇඳ ටොන් 02 ක් විතර බරයි. කොහොම වුනත් ඇඳ මත හිටිය රෝගියාට අනතුරක් වෙලා නෑ.

ප්‍රමිතියෙන් තොර ශල්‍යාගාර ඇඳන් අරගෙන තියෙන නිසා මේ අනතුර සිද්ධ වුණා කියලා රෝහල් අාරංචි මාර්ග සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post