ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජෝන් අන් ගේ තුරු කම ගැන අමුතුවෙන් අටුවා ටීකා ඕන නෑනේ. මුහුණට මුහුණ හම්බුනොත් අනිවාර්යෙන් තුන් වෙනි ලෝක යුද්ධයේ ආරම්භය තමයි.
හැබැයි මෑතකදී ඉදන් උතුරු කොරියානු නායකයා සාමය වෙනුවෙන් කටයුතු කරන්න පටන් අරන්. උතුරු කොරියාවේ තවත් හතුඑර්ක් වුන දකුණු කොරියාව එක්ක තිබ්බ තරහා මරහා අමතක කරලා යාලු වුණා. ඒ වගේම ඇමෙරිකාවේ ජනපති එක්ක හමුවකටත් ඔහු එකඟ වුණා. මේ වෙද්දී ලෝකයම බලාගෙන ඉන්න මේ හමුවට දිනය සහ ස්ථානය නියම කරලා තියෙනවා.
ඊයේ ඩොනල් ට්‍රම්ප් ඒ ගැන සඳහන් කරලා twitter පණිවිඩයක් නිකුත් කරා. ජුනි මාසේ 12 වෙනිදා සිංගප්පූරුවේදී තමයි මේ ඓතිහාසික හමුව පවත් වෙන්නේ. “ලෝක සාමයට මෙම හමුව ඉතා වැදගත් බවක් එක් කරන්න අප දෙපාර්ශවයම කටයුතු කරනවා” කියලා ට්‍රම්ප් ඔහුගේ twitter පණිවිඩයේ සඳහන් කරලා තියෙනවා.