News Line| Off Air
Generic placeholder image

May
11

මෛත්‍රී – මහතීර් මොහොමඩ් රහස් සාකච්ඡාවක් ගැන පරණ ඡායාරූප මැලේසියාවෙන් උඩට අදියි. (PHOTOS)

802 Views


මෛත්‍රී – මහතීර් මොහොමඩ් රහස් සාකච්ඡාවක් ගැන පරණ ඡායාරූප මැලේසියාවෙන් උඩට අදියි. (PHOTOS)

මැලේසියාවේ විප්ලවීය මැතිවරණයකින් පසු ජය ලබා ගත් මහතීර් මොහොමඩ් තුමා ඉතිහාසයට එක්වන්නේ වයස්ගතම (අවුරුදු 91) අග්‍රාමාත්‍යවරයා විදිහට. හිටපු අග්‍රාමාත්‍ය නජීප් පරදා විශිෂ්ඨ ජයක් ලබාගත් මලයාසියාව ගොඩ නැඟූ මහතීර් මොහමඩ් තුමා ගැන එක එක විදිහේ කතා කතා විදේශ මාධ්‍ය මේ වෙද්දී වාර්තා කරනවා. මේ ජයග්‍රහණයත් එක්ක ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ මහතීර් මොහොමඩ් තුමා සමඟ සිදු වුන රහසිගත හමුවක් ගැන මැලේසියානු මාධ්‍ය ඊයේ දවසේදී වාර්තා කරලා තිබුණා.

මෙම හමුව සිදුවෙලා තියෙන්නේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මලයාසියානු නිල රාජ්‍ය සංචාරය ( 2016 දෙසැම්බර් 17 වන දින) තුළ. අදාල හමුව ගැන ඡායාරූප දෙකක් මේ වන විට මාධ්‍ය එළිදක්වා තිබෙනවා. ක්වාලාලම්පූර් නුවර ඉන්ටකොන්ටිනල් හෝටලයේ ශ්‍රී ලංකා ජනාධිපතිතුමා රැඳී සිටි කාමරයේදී මෙම හමුවීම සිදුව තිබෙනවා. අදාල මාධ්‍ය වාර්තා කරන්නේ ඒ දවස්වල තිබ්බ නජීප් පාලනය විසින් මහතීර් මොහොමඩ් සහ ශ්‍රී ලංකා ජනාධිපති වරයාගේ හමුව සිදු නොවීමට සැලසුම් ක්‍රියාත්මක කල බවයි. මෛත්‍රීපාල සිරිසේන මහතා රැඳී සිටි හෝටලය අවට මැලේසියානු අග්‍රාමාත්‍ය වරයාගේ චර පුරෂයන් පුරා පැය 24 තුල යොදවා තිබුණා කියලත් කියනවා.

කොහොම වුනත් මේ හමුව සිදුවෙලා තියෙන්නේ මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් වරයාද නොදැනුවත්ව බව අදාල මාධ්‍ය වාර්තා කරලා තිබුනා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ කාමරය තුලදී සිදුකල සාකච්ඡාවේ ප්‍රධාන කාරණා කිහිපයක් මේ වෙද්දී මාධ්‍ය වාර්තා කරනවා. එහිදී 1980 දශකයේදී මැලේසියාව ගොඩ නැඟීමට ඔහු කල වෙනස් කිරීම් සහ ප්‍රතිපත්ති පිළිබඳව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාව දැනුවත් කර තිබෙනවා.
ආර්ථික සංවර්ධනයට මූලිකත්වය ලබාදුන් පසු සියළු ජාතීන් එකතුකළ හැකි බවට ජනාධිපතිවරයාට උපදෙස් දුන් බවට දැනගන්නට ලැබෙනවා.

ඒ වගේම 70 දශකයේදී පොහොසත් රටවල් දුප්පත් රටවල් සඳහා සංවර්ධනය වීමට ආධාර ලබා දුන්නද 80 දශකයේදී සහන ණය රටවල් සහ බැංකු මාර්ගයෙන් හිමිවූ බවත් ඒවා ඉතා අඩුපොලියට ගෙන ඔහු රට සංවර්ධනය කල බවත් කියල තියෙනවා. 90 දශකයේදී තවත් ණය යෝජනා ක්‍රම පැමිණි අතර එය ඉතා භයානක ණය ක්‍රමයක් බවත් එය ඔබ ලබාගැනීමෙන් වලකින ලෙස මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සඳහන් කරලා තියෙනවා. එම ණය ලෙස මහතීර් මොහොමඩ් තුමා සඳහන් කර තිබුනේ “ඔවුන් මුදල් ලබා දෙති. ව්‍යාපෘතිය සඳහා ඔවුන් පැමිණෙති. වැඩ කිරීමට ඒ අයගේ රටේ මිනිසුන් රැගෙන එති. ඔවුන්ම ව්‍යාපෘති ඉදිකරති. ඒ ගන්නා ණය ක්‍රමය කිසිවිටෙක අපට ගෙවීමට නොහැකි වෙති. ඔවුන් ඉන් පසු ඒ රටින් නොයති. මේ ණය ක්‍රමය කිසිදා ඔබ ලබාගන්න එපා” මහතීර් මොහොමඩ් තුමා මේ විදිහට ජනාධිපතිතුමාට ප්‍රකාශ කරල තියෙනවා.

මහතීර් මොහොමඩ්තුමා විසින් ශ්‍රී ලංකාවේ පැවති රජය පෙරළීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මැතිවරණ මෙහෙයුම් සහ සැලසුම් පිළිබඳව ඉතා දීර්ඝව සාකච්ඡා කරල තියෙනවා. ඒ අතරේ දුෂණයට වංචාවට එරෙහි මැතිවරණ සටන පිළිබඳව බොහෝ කාරණා ජනාධිපතිවරගෙන් විමසා මහතීර් මොහොමඩ් සිය මැතිවරණ මෙහෙයුමට යම් යම් කාරණා එකතුකර ගන්නට ඇති බවට විදෙස් මාධ්‍ය හෙළි දරව් කරනවා.

මේ වෙද්දී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මහතීර් මොහොමඩ් තුමා සමඟ ඉතා පෞද්ගලික සමබන්දතාවයක් ඇති බව මාධ්‍ය වාර්තා කරන අතර ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් සිය ට්විටර් ගිණුමේ ට්විටර් පණිවිඩයක් ඔස්සේ මහතීර් මොහොමඩ් තුමාට සුභ පතා තිබෙනවා.

ඒ වගේම 2017 ජනවාරි 08 දෙවසරක ජයග්‍රණය සැමරීම නිම්මිත්තෙන් මහතීර් මොහොමඩ් තුමා ප්‍රධාන ආරාධිතයා ලෙස ලංකාවට ගෙන්වා ගැනීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අපේක්ෂාවෙන් සිටි අතර ඒ සඳහා විදෙස් කටයුතු අමාත්‍යංශය අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කර නොමැති බවට වාර්තා වෙනවා.

 


News Articles
Latest Videos
Most Popular Post