News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
12

සේවාදායකයන්ට රිසිට් නිකුත් නොකලොත් නීතිඥවරුන්ට වෙන දේ මෙන්න.

793 Views


සේවාදායකයන්ට රිසිට් නිකුත් නොකලොත් නීතිඥවරුන්ට වෙන දේ මෙන්න.

යමිකිසි සේවාදායකයකු නිතිඥවරයකුගෙන් නීති සේවාවන් ලබාගැනීමේදී ලබාදෙන සේවා ගාස්තුවට අදාළ වන රිසිට් පත ඉල්ලා සිටියදී එය ලබානොදී සිටීම වරදක් යැයි ශ්‍රී ලංකා නීතිඥ සංගම් සභාපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා කියනවා. මේ විදිහට කටයුතු කරන නීතිඥවරුන් ඉන්නවා නම් ඒ ගැන තම සංගමයට දැනුවත් කරන ලෙසත්, ඔවුන් වෙනුවෙන් වහාම පියවර බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

විශේෂයෙන්ම කොළඹ අධිකරණවල පැවැත්වෙන විශේෂ නඩුවට විභාගයන්හි දී සේවාදායකයන්ගේ සේවා ගාස්තුවලට අදාළ රිසිට් පත් නිකුත් නොකර මුදල් ලබා ගන්න නොහැකියි. මහේස්ත්‍රාත් අධිකරණවල තිබෙන නඩු සංඛ්‍යාව දෙස බැලුවොත් සියලු නඩුවලට රිසිට් පත් නිකුත් කිරීම ප්‍රායෝගික වෙන්නේ නැහැ. එත් යමකිසි සේවාදායකයකු රිසිට් පතක් ඉල්ලූවිට එලෙස රිසිට් පත් නොදී සිටීම ගැන තම සංගමයට වාර්තා වුනොත් ඒ නීතිඥවරුන්ට ඒ ගැන දැනුම් දී විනයානුකූල පියවර ගැනීමට කටයුතු කරන බවද නීතිඥ සංගම් සභාපතිවරයා ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post