News Line| Off Air
Generic placeholder image

May
12

ගගණගාමී ඇඳුමෙන් ආපු හොරු දෙන්නෙක් පොලිස් දැලේ. (VIDEO / PHOTOS)

639 Views


ගගණගාමී ඇඳුමෙන් ආපු හොරු දෙන්නෙක් පොලිස් දැලේ. (VIDEO / PHOTOS)

‘නාසා’ අභ්‍යවකාශ ආයතනයේ වෘත්තිකයන් බව පෙන්නන්න “ගගනගාමීන්ගේ ඇඳුමෙන්” සැරසී ව්‍යාපාරිකයකු රවටා මුදල් ලබා ගැනීමට තැත් කළ පුද්ගලයන් දෙන්නෙක් ගැන ඉන්දියාවෙන් වාර්තා වෙනවා.

ඩොලර් ලක්ෂ දෙකකට වැඩි වටිනාකමකින් ඇතැයි පවසමින් ධනවත් ව්‍යාපාරිකයෙකුට තඹ තහඩුවක් විකුණන්න මේ පිය පුතු දෙන්න උත්සාහ කරල තියෙනවා.

ඔවුන් එම තඹ තහඩුව “විශේෂ භාණ්ඩයක්” ලෙස නම් කර ඇති බවත් පොලිසිය වැඩිදුරටත් පවසනවා. මෙම තඹ තහඩුව ඩොලර් 213,156 කට ව්‍යාපාරිකයාට විකිණීමට තැත් කළ ඔවුන් දෙන්නා, එය ඊට වැඩි මිලකට ඇමරිකානු අභ්‍යවකාශ මධ්‍යස්ථානයකට විකිණිය හැකි බවත් ප්‍රකාශ කරල තියෙනවා.

ඒත් මේ ගැන සැක හිතපු ව්‍යාපාරිකයා පොලිසියට කළ පැමිණිල්ලකින් පසු අදාළ පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගත්තා.

ගගනගාමීන් භාවිතා කරන විශේෂ ඇඳුම් කට්ටලයකින් සැරසුන පියා සහ පුතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කැඳවාගෙන යන ආකාරය දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ තමයි මේ…


News Articles
Latest Videos
Most Popular Post