News Line| Off Air
Generic placeholder image

May
12

තූතන්කාමන්ගේ රහස් කුටිය බොරුවක්. එහෙම කුටියක් ඊජිප්තුවේ නැහැ – විද්‍යාඥයින්ගේ ආන්දෝලනාත්මක සොයාගැනීම මෙන්න.

972 Views


තූතන්කාමන්ගේ රහස් කුටිය බොරුවක්. එහෙම කුටියක් ඊජිප්තුවේ නැහැ – විද්‍යාඥයින්ගේ ආන්දෝලනාත්මක සොයාගැනීම මෙන්න.

තූතන්කාමන් රජුගේ කියල කියන්නේ ඊජිප්තුවේ හිටපු ළාබාලම රජ තුමා කියල තමයි සලකන්නේ. ඉතින් මේ රජතුමාගේ කියල සැලකෙන රහස් කුටියක් හොයන්න ඊජිප්තු බලධාරීහු දිග කාලයක් වය කළා. එත් එහෙම එකක් නැහැ කියල ඔවුන් සෙවීම අවලංගු කරලා තියෙනවා.

මේ ළදරු රජුගේ වසර තුන්දහසක් පැරණි ආදාහන කුටිය පිටිපස්සේ රහස් කාමරයක් ඇති බවට තමාට 90% ක් විශ්වාස බව තමයි ඔවුන් මුලින් කියල තිබ්බේ. ඒ වගේම සමහරෙකුගේ මතය වෙලා තිබුනෙ ඒ තූතන්කාමන්ගේ මව වන නෙෆ්ටි ටී රැජිණගේ ආදාහන කුටිය කියලයි.

කොහොම වුනත් අලුත්ම සොයාගැනීම්වලින් කියවෙන්නේ ඒ විදිහේ රහස් කුටියක් නැහැ. මේ රහස් කුටිය හොයන්න පටන්ගත්තේ බ්‍රිතාන්‍ය ජාතික පුරාවිද්‍යාඥ නිකලස් රීව්ස් විසින්. ඒකට හේතුව වුනේ තූතන්කාමන්ගේ කුටිය නිරීක්ෂණය කරද්දී එහි පසුපස බිත්තියක වෙනත් කුටියක් දොරක් වැනි සලකුණු සොයාගැනීම නිසා.


News Articles
Latest Videos
Most Popular Post