News Line| Off Air
Generic placeholder image

May
13

අද එක ලග්නයකට හදිසි ධන ලාභ ලැබෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

1099 Views


අද එක ලග්නයකට හදිසි ධන ලාභ ලැබෙන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

අද 2018 මැයි මස 13 වන ඉරිදා
රාහු කාලය: දිවා කාලය සඳහා අලුයම 04.46 සිට උදෑසන 06.19 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය සවස 04.27 සිට සවස 05.53 දක්වා 
සුභ දිශාව: නැගෙනහිර   
අසුභ දිශාව: උතුර

මේෂ ලග්නය

විනෝදයෙන් හා සැහැල්ලුවෙන් ගත කළහැකි දිනයකි. ඔබ බලාපොරොත්තු වන අයුරින්ම ඔබේ වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. කලක් තිස්සේ තිබු බලාපොරොත්තුවක් ඉටුවන දිනයකි. දුර බැහැර සිටින ය ඔබේ උදව් පතා එන දිනයකිරැකියා කටයුතු සාර්ථක වන දිනයකි. තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කිරීමට වග බලාගන්න.
ජය වර්ණය: රතු පැහැය                                             ජය අංකය: 07

වෘෂභ ලග්නය

ඔබට වාසනාව උදාකරදෙන දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු සාර්ථක වන දිනයකි. අන් අයගේ ප්‍රශංසාවට පාත්‍ර වන දිනයකි. අන් අය අතර ඔබ කැපී පෙනෙන දිනයකි. දෙමව්පියන්ට හා තමන්ගේ සමීපතමයින්ට වඩාත් ගෞරවයෙන් සලකන්න.
ජය වර්ණය: කහ පැහැය                                                            ජය අංකය: 02

 මිථුන ලග්නය

මනා සංයමයකින් යුතුව කටයුතු කළයුතු දිනයකි. මොනතරම් බාධා ආවත් ඒවා හමුවේ සාර්ථක වන දිනයකි. කල්පනාවෙන් වැඩ කටයුතු කළයුතු දිනයකි. හදිසි ලාභ ලැබිය හැකි දිනයකි. කල්පනාකාරීව, ඉවසීමෙන් යුතුව, තැනට සුදුසු නුවන යොදාගනිමින්, අන් අයගේ මෙන්ම විශේෂයෙන්ම වැඩිහිටයන්ගේ උපදෙස් මත ක්‍රියා කිරීම වඩාත් වැදගත් වන දිනයක්.
ජය වර්ණය: ලා කොළ පැහැය                                                         ජය අංකය: 01

කටක ලග්නය

වෙනදට වඩා කාර්යක්ෂමව කටයුතු කළහැකි දිනයකි. රැකියා කටයුතු සාර්ථක වන දිනයකි. නමුත් ඉතාම ප්‍රවේසමෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. හොද මිතුරන් ඇතිවන සුභ දිනයකි. ඉවසීමෙන් යුතුව මෙන්ම ප්‍රවේසමෙන් හා නිසි සැලසුම් සහිතව කටයුතු කරන්න. ආගමානුකුලව දිනය ගත කරන්න. දිනය වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: කහ පැහැය                                                 ජය අංකය: 03

සිංහ ලග්නය

සතුරු බලවේග යටපත් කරගෙන කටයුතු කළහැකි දිනයකි. ආමාශගත රෝග තිබෙනවානම් වඩාත් කල්පනාවෙන් කටයුතු කළයුතු දිනයකි. නිසි වෙලාවට ආහාර ගැනීමට යොමුවිය යුතු දිනයකි. අනිවාර්යයෙන්ම වැඩිහිටි උපදෙස් පිළිපැදිය යුතු දිනයකි. සැහැල්ලුවෙන් කටයුතු කරන්න.
ජය වර්ණය: රන්වන් පැහැය                                                  ජය අංකය: 05

කන්‍යා ලග්නය

ඔබ කරනා වැඩ කටයුතු වලදී ඉවසීම වඩාත් වැදගත් වන දිනයකි. ඔබේ අදහස් වලට පීඩා ඇතිවන දිනයකි. ඔබට වෙනදට වඩා සිත් තැවුලෙන් යුතුව කටයුතු කිරීමට සිදුවන දිනයකි. පාලනයකින් යුතුව කටයුතු කළයුතු දිනයකි. ආදායම් තත්වය නම් සුභ දිනයකි. දුරදක්නා නුවණින් යුතුව හා ඉවසීමෙන් කටයුතු කළයුතු දිනයකි. විදෙස් ගමන් සාර්ථක වන දිනයකි.
ජය වර්ණය: කොළ පැහැය                                                 ජය අංකය: 03

 

තුලා ලග්නය

අභියෝග හමුවේ සාර්ථක වන දිනයකි. නිසි තීරණ ගැනීමද වැදගත් වන දිනයකි. ඔබේ බලය අන් අය අතර තහවුරු කරගත හැකි දිනයකි. යම් වෙනසක් සහිතව, නව සැලසුම් සහිතව දිනය ගත කරයි. නියත ජය ඔබ සතුව පවතින දිනයකි. ඉවසීමෙන් යුතුව, සිත පාලනයකින් දිනය ගත කරන්න. තැනට සුදුසු නුවනින් යුතුව කටයුතු කරන්න. වැඩිහිටි උපදෙස් අනුව සිහිබුද්ධියෙන් යුතුව කටයුතු කරන්න.
ජය වර්ණය: තැඹිලි පැහැය                                                    ජය අංකය: 09

වෘශ්චික ලග්නය

 

ඔබේ ජීවිතයේ යම් වෙනසක් අපේක්ෂා කළහැකි දිනයකි. බොහෝ වෙලාවට සිත කම්පා වන සිදුවීම් වලට මුහුණ දීමට ඉඩ ඇති දිනයක් වන බැවින් කල්පනාවෙන් යුතුව දිනය ගත කරන්න. කලට වෙලාවට ආහාර ගැනීමට යොමුවිය යුතු දිනයකි.  වැඩ කටයුතු වලදී දෙවරක් සිතා බලා කතා කරන්න. දිනය වඩාත් යහපත් වේවි.
ජය වර්ණය: ලා රතු පැහැය                                               ජය අංකය: 05

 

ධනු ලග්නය

ඔබේ ආදායම් තත්වය යහපත් වන දිනයකි. ව්‍යාපාර කටයුතු ව්ලාටද සුභ දිනයක් වන අතර ඔබට පිරිස් බලයද නොමදව ලැබෙන දිනයකි. ඔබේ කතාවේදී, ගමනේදී වඩාත් ප්‍රවේසම් වන්න. ඉවසිල්ලෙන් යුතුව කටයුතු කරන්න. ආදායම් තත්වය නම් යහපත් වන දිනයකි. වැඩිහිටි උපදෙස් මත ඉවසීමෙන් හා සැලසුම් සහිතව වැඩ කටයුතු ආරම්භ කරන්න.  ආවේගය ඉවතලා කටයුතු කරන්න.
ජය වර්ණය: ක්‍රීම් පැහැය                                             ජය අංකය: 03

 

මකර ලග්නය

වගකීම් රාශියක් ලබන දිනයක් වන අතර ඒවා නිසි ලෙස කලට වෙලාවට කිරීමට අවශ්‍ය ශක්තියද ඔබට නොමදව ලැබෙන දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු වලින්ද සාර්ථකත්වයක් ලැබිය හැකි දිනයකි. සියලු අභියෝග හමුවේ ඔබට වෙනදාටත් වඩා සාර්ථක විය හැකි දිනයකි. වැඩිහිටි උපදෙස් වලට ගරු කළයුතු දිනයකි.
ජය වර්ණය: තද නිල් පැහැය                                                          ජය අංකය: 02

 

 

කුම්භ ලග්නය

සෑම අතින්ම ඔබට ජය ලැබෙන දිනයකි. නමුත් නොසිතු ලෙස වියදම් ඇතිවීමටද ඉඩ ඇති දිනයකි. රහස් සතුරු බලවේග ඔබට එරෙහිව පවතින දිනයකි. නමුත් ඔබේ බලය හමුවේ ඒවා ඉවත්ව යා හැකි සුභ දිනයකි. එබැවින් කල්පනාවෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. කලට වෙලාවට ආහාර පාන ලබාගන්න. ඔබේ කාරුණික බව හා දෙමව්පියන්ගේ ආශිර්වාදය තුල දිනය වඩාත් යහපත් කරගැනීමේ හැකියාව පවතින දිනයකි.
ජය වර්ණය: ලා නිල් පැහැය                                                        ජය අංකය: 07

 

මීන ලග්නය

අන් අය අතර ඔබ ප්‍රශංසාවට පාත්‍ර වන දිනයකි. හදිසි ධන ලාභ ලැබිය හැකි දිනයකි. යම් යම් දේවල් නිසා ඔබේ දැනුමට වටිනාකමක් ලැබෙන දිනයකි. ආදායම් තත්වය යහපත් වන අතර ඔබට පිරිස් බලයද ලැබෙන දිනයකි. සමාජ සේවා කටයුතු වලට වැඩි නැඹුරුවක් පෙන්වන දිනයකි. රැකියා කටයුතු වලටද සුභ දිනයකි. වැඩිහිටි උපදෙස් අනුව දුරදක්නා නුවණින් යුතුව කල්පනාකාරීව දිනය ගත කිරීම වඩාත් යහපත්. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ක්‍රීම් පැහැය                                                   ජය අංකය: 08
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී වයි. එම්. කේ. යාපා බණ්ඩාර 
දුරකථන: 0777 44 86 44


News Articles
Latest Videos
Most Popular Post