කොණ්ඩේ ගිහින්, තට්ටේ එනවා කියන එක ගැහැණු, පිරිමි දෙපක්ෂයම අකමැති දෙයක්. මොකද එකෙන් තමන්ගේ රූපෙට වෙන හානිය මෙච්චරයි කියල නම් කියන්න බැහැ. එත් මේ තට්ටේ පෑදෙන එකට විසඳුමක් හොයාගන්න එක්‌සත් රාජධානියේ මැන්චෙස්‌ටර් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් කණ්‌ඩායමක් සමත් වෙලා තියෙනවා.
මේ අලුත් ප්‍රතිකාරය හදල තියෙන්නේ ඔස්‌ටියෝපොරෝසිස් රෝගයට ප්‍රතිකාර සඳහා යොදා ගන්නා බෙහෙතක් වර්ගයක් යොදාගෙන. මේ අලුත් ප්‍රතිකාරය සොයා ගැනීමේ පර්යේෂණය මෙහෙය වූ මැන්චෙස්‌ටර් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය නේතන් හෝක්‌ෂෝට අනුව හිසකෙස් අධික ලෙස ගැල වී යැමෙන් තට්‌ටය පෑදීමේ තත්ත්වයට මුහුණ පාල ඉන්න අයට මේ අලුත් ප්‍රතිකාරයෙන් වෙනසක් දකින්න පුළුවන්.
මේ වෙද්දී තට්‌ටය පෑදීමේ තත්ත්වයට ප්‍රතිකාර සඳහා කාන්තාවන් හා පිරිමින්ට නිර්දේශ කරනු ලබන ‘මිනොක්‌සිඩිල්’ සහ පිරිමින්ට පමණක් භාවිත කරන ‘නස්‌ටෙරිඩ්’ යන බෙහෙත්. මේ බෙහෙත් වර්ගවල අතුරු ආබාධ පවතිනව කියල මේ වෙද්දී හෙළි වෙලා තියෙනවා. මේ තට්‌ටය පෑදීම සුව කරන්න පුළුවන් අලුත් ප්‍රතිකාරය පර්යේෂණාගාරයක් තුළ සිදුකරල තියෙනවා. ඒ සඳහා හිස කෙස් බද්ධ කර ගත් රෝගීන් 40 දෙනකුට අධික පිරිසකගේ හිස කෙස් වැටී තිබූ සමෙහි සාම්පල යොදා ගෙන තියෙනවා.