ලෝකයේ ජනප්‍රියම ක්‍රීඩාව පාපන්දු. ඒ වගේම තමයි පාපන්දු ක්‍රීඩාවේ රජු විදියට හඳුන්වන්නේ බාසිලෝනා කණ්ඩායමේ ලයන් මෙසී. ලෝකයේ ඇති දදක්ෂතම පාපන්දු ක්‍රීඩකයෙක් වන මෙසීට සුපිරි කුසලානයක් ලැබෙන්න යනවා.
යුරෝපා පාපන්දු ලීගයක තරඟ වාරයක වැඩිම ගෝල ලබා ගන්න ක්‍රීඩකයාට ලැබෙන “යුරෝපියානු ගෝල්ඩන් ශූ” සම්මානයට මෙසී සුදුසුකම් ලබා ගෙන තියෙනවා. පස් වෙනි වරයට තමයි මෙසීට මේ සම්මානය ලැබෙන්න නියමිතයි. එම දස්කම කරපු ලෝකයේ එකම ක්‍රීඩකයාත් ඔහුයි.
2017/18 තරඟ වාරයේදී බාසිලෝනා කණ්ඩායම වෙනුවෙන් ලයනල් මෙසී දැනටමත් ගෝල 34 ක් ලබා ගෙන තියෙනවා. ඔහුට තව එක තරඟයක් ඉතිරි වෙලා තියෙනවා. දෙවෙනි තැන ලබා ගෙන තියෙන්නේ එංගලන්ත පාපන්දු ලීගය නියෝජනය කරන ලිවර්පූර් කණ්ඩායමේ මොහොමඩ් සාලා. ඔහු ගෝල 32 ක් ලබා ගෙන තියෙනවා. හැබැයි ඔහුට කිසිම තරඟයක් ඉතිරි වෙලා නෑ.
ලෝකයේ හොඳම පාපන්දු ක්‍රීඩකයාට දෙන “බැලූන් ඩෝ” සම්මානය 5 වරක් ජයග්‍රහණය කල ප්‍රථම ක්‍රීඩකයාත් ඔහුයි. ක්‍රීඩා පිටියේ මැද ක්‍රීඩා කරමින් වැඩිම ගෝල සංඛ්‍යාවක් වාර්තා කල ක්‍රීඩකයාත් ඔහුයි.