සාමාන්‍යයෙන් අපි උපන්දිනය සමරන්නේ පවුලේ අයත් එක්කනේ. හැබැයි ඉතින් බල්ලොන්ට එහෙම බෑනේ. ඒ වුනත් අවුරුද්දේ උපන්දිනේ සමරන්න රට වටේම හිටිය බලු පැටව් ටික අම්මව බලන්න ආපු පුවතක් වාර්තා වුණා.
ස්කොට්ලන්තයේ ගාලෂියෙල් ප්‍රදේශයේ ඉන්න බලු අම්මා කෙනෙක්ට ගිය අවුරුද්දේ පැටව් 15 දෙනෙක් හම්බෙලා තිබ්බා. මෙච්චර ගොඩක් බලු පැටව බලා ගන්න බැරි නිසා ගෙදර අයිතිකාරිය ලීසා පැටවුන්ව් 11 දෙනෙක් විකුණලා තිබ්බා. හැබැයි Facebook ඔස්සේ පැටවුන්ගේ අයිතිකරයන්ව සම්බන්ධ කරගෙන ඉඳලා.
පැටවුන්ට අවුරුද්දක් පිරෙන මොහොතේ ඒ සියලු දෙනාම ඔවුන්ගේ අම්මව බලන්න එක්කන් එන්න කියල ඇය අයිතිකාරයන්ට කියලා. හරියටම ඔවුන්ගේ උපන්දිනය දවසේ අවුරුද්දක් පිරුණු බලු පැටව් සේරම අම්මව බලන්න ආවා. බලන් එපැයි කට්ටිය එකතු වුනාම තියෙන දාංගලේ. බලු අම්මත් එදා ගොඩක් සතුටින් හිටියා කියලයි ආරංචි වුණේ.
Irish Sette කියන වර්ගයට තමයි මෙයාලා අයිති. බලු අම්මගේ නම Poppy. Patch, Negan, Letty, Forest, Bracken, Cesar, Cooper, Kerry, Poppy Jn, Effie, Cody, Rosa, Rogan, Mia and Rusy තමයි පැටවුන්ගේ නම්. බලු පැටවුන්ට අවුරුදු දෙකක් පිරුණමත් එයාල මේ විදියට අම්මව බලන්න එක්කන් එනවලු.