සමහර මුදල් නෝට්ටු නිකන් සීගිරියේ කැටපත් පවුර වගේ. සිංදු, දුරකථන අංක, නම් වගේ රටේ නැති දේවල් ලියලා. සමහර මුදල් නෝට්ටු කෑලි 3, 4 කට කැඩිලා අලවලා. හැබැයි දැන් විකෘති වුන මුදල් නෝට්ටු පරිහරණය කරන එක දැන් තහනම්.
කොහොම වුනත් සමහර වෙලාවට ATM යන්ත්‍රයෙන් මුදල් ගනිද්දී විකෘති වුන මුදල් නෝට්ටු එනවා. ඒවා බැංකුවට ගිහින් මාරු කරන්න හැදුවත් බැංකුව බාර ගන්නේ නෑ. ඒකට සාක්ෂියක් විදියක් විදියට ඔබ ATM එකෙන් මුදල් ගත්ත වහාම මුදල් විකෘති තියෙනවා නම් ATM එකේ CCTV කැමරාවට මුදල් නෝට්ටු පෙන්නන්න.
ඊට පස්සේ අදාල බැංකුවේ ශාඛාවකට ගිහින් මුදල් මාරු කර ගන්න. ඔවුන් මුදල් මාරු කිරීම ප්‍රතික්ෂේප කරොත් CCTV දර්ශන බලන්න කියලා කියන්න. තමන්ගේ බැංකුවේ ගනුදෙනුකරුවෙක් විකෘති වුන මුදල් නෝට්ටු ලබා දුන්නාම ඒවා එකතු කරලා මහා බැංකුවට දෙන එක ඇදලා බැංකු වල වගකීමක්.