මෙවර IPL තරඟාවලියේ ප්‍රභලම කණ්ඩායම් දෙක ඊයේ තරඟ වැදුණා. ඒ Sunrisers Hyderabad කණ්ඩායම සහ Chennai Super Kings කණ්ඩායම අතර. ප්‍රභල හයිද්‍රාබාද් කණ්ඩායම පරදා කඩුලු 8 ක සුපිරි ජයක් ලබා ගන්න චෙන්නායි කණ්ඩායම සමත් වුණා.
මුලින්ම පන්දුවට පහර දුන්න හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 179 ක් රැස් කරා. ඒ කඩුලු 4 ක් දැවී. සුපිරි ඉනිමක් ක්‍රීඩා කල ශිකර් ධවාන් ලකුණු 79 යි. ඒ 4 පහර 10 ක් සහ 6 පහර 3 ක් එක්ක. විලියම්සන් ලකුණු 51 යි.\
දීපක් නොදැවී ලකුණු 21 යි. තාකූර් කඩුලු 2 ක් දවා ගත්තා. බ්‍රාවෝ සහ චාහර් එක කඩුල්ල බැගින් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන්න පැමිණි චෙන්නායි ආරම්භක පිතිකරුවන් ජයග්‍රාහී සබඳතාවක් ගොඩ නැගුවා. වොට්සන් සහ රයුදු පළවෙනි කඩුල්ලට ලකුණු 134 ක් රැස් කරා. වොට්සන් ලකුණු 57 යි. සුපිරි ඉනිමක් ක්‍රීඩා කල රයුදු නොදැවී ලකුණු 100 ක් ලබා ගත්තා. ඔහුගේ ඉනිම 4 පහර 7 කින් සහ 6 පහර 7 කින් වර්ණවත් වුණා.
පන්දුවාර 19 ක් අවසාන වෙද්දී චෙන්නායි කණ්ඩායම ජය ලබා ගත්තා. ඔවුන්ට කඩුලු 2 ක් විතරයි ඒ සඳහා වැය වුණේ. තරඟයේ වීරයා අම්බති රයුදු.