ලංකාවේ තරුණියන් කොහොමත් ලස්සනයිනේ. ලෝකේ වටේම තියෙන රූ රැජින තරඟ වලින් අපේ තරුණියන් ජයග්‍රහණය කරන්නේ ඒ නිසා. ඉතාලියේ රූ රැජින වෙන්න අවස්ථාවක් ලංකාවේ තරුණියකට ලැබිලා තියෙනවා.
මිස් ඉතාලියා තරගාවලියට සමගාමීව පැවැත් වෙන මිස් වෙනෙතෝ පළාත් තරගාවලියේ පළමු ස්ථානය දිනා ගන්න ලංකාවේ තරුණියක් සමත් වුණා. ඉතාලියේ පාදුවා නගරයේ ජීවත්වන ජිවත් වෙන සෙව්මි තාරකා ප්‍රනාන්දු තරුණිය තමයි මේ කිරුළ දින ගෙන තියෙන්නේ.
ඉතාලි ජාතික තරුණියන් 28 දෙනෙකු අබිබවා තමයි ඇය මේ කිරුළ දිනා ගත්තේ. වෙනෙතෝ පළාත නියෝජනය කරමින් මිස් ඉතාලියා තරගයට ඉදිරිපත් වෙන්නේ ඇයයි.