News Line| Off Air
Generic placeholder image

May
14

උතුරු කොරියාවේ නායකයා ලෝකේ වටා සංචාරය කරන අපූරු නිල රථ මෙන්න. – Photo

1082 Views


උතුරු කොරියාවේ නායකයා ලෝකේ වටා සංචාරය කරන අපූරු නිල රථ මෙන්න. – Photo

සාමාන්‍යයෙන් රටක රාජ්‍ය නායකයෙක් වුණාම නිල රථයක් තියෙනවා. ඇමෙරිකාවේ, රුසියාවේ රාජ්‍ය නායකයින්ට ඔවුන් වෙනුවෙන්ම හදපු විශේෂ නිල රථ තියෙනවා. ඒ වගේම විශේෂ ගුවන් යානා තියෙනවා.

උතුරු කොරියාවේ නායකයින් භාවිත කල වාහන, ගුවන් යානා ගැන ලෝකෙට හෙළි වුණේ නෑ. හැබැයි උතුරු කොරියාවේ වත්මන් නායකයා ලෝකයත් එක්ක සබඳතා පටන් ගැනීමත් එක්ක උතරු කොරියාවේ තොරතුරුත් ලෝකයට විවෘත වුණා. අනෙක් රටවල රාජ්‍ය නායකයින්ට වඩා වෙනස්ම යාන වාහන තමයි උතරු කොරියාවේ නායකයා භාවිතා කරන්නේ.

කිම් ජෝන් අන් වෙනත් රටවලට යන්න විශේෂ ගුවන් යානයක් තියෙනවා. රුසියාවේ නිෂ්පාදිත ‘Ilyushin -62’ මාදිලියේ දිගු දුර ප්‍රවාහන ගුවන් යානයක් තමයි විදේශ රටවලට සංචාරය කරන්න භාවිතා කරන්නේ. සුදු පැහැති යානයේ බඳ දෙපස උතුරු කොරියාවේ ජාතික ධජය සහ එහි නිල නාමය සටහන් කරලා තියෙනවා.

ඒ වගේම යානයේ අග ඇති රතු සහ නිල් රවුම් ඇතුලත රතු තරුවක් දකින්න පුළුවන්. ‘Chammae 1’ කියලා තමය මේ ගුවන් යානය නම් කරලා තියෙන්නේ. උතුරු කොරියාවේ දේශීය උකුසු විශේෂයක නමින් තමයි යානය නම් කරලා තියෙන්නේ. යානයේ හඳුනා ගැනීමේ අංකය ලෙස “PRK 615” යොදා ගෙන තියෙනවා.

ඒ වගේම උතුරු කොරියානු නායකයා නිල ගමන් සඳහා දුම්රියත් භාවිතා කරනවා. කහ ඉරක් සහිත තද කොල පැහැති දුම්රියක් තමයි ඔහු භාවිතා කරන්නේ. කිම් ජොන්ග් ඉල්ට අයත් දුම්රිය මැදිරි අනූවකින් සමන්විත වෙලා තියෙනවා. චන්ද්‍රිකා දුරකථන සහ රූපවහිනී යන්ත්‍ර සහිත සාකච්ඡා පැවැත්වීමේ කාමර, නැරඹීමේ කුටි, සහ නිදන කාමර ඒ දුම්රියේ තිබිලා තියෙනවා.

චීනයේ බීජිං නුවර සිදු කළ සංචාරය අතරතුර කිම් ජෝන් භාවිතා කරලා තියෙන්නේ ඔහුගේ ‘මර්සිඩීස් බෙන්ස්-S’ මාදිලියේ මෝටර් රථය. නායක කිම් බෝට්ටු, සබ්මැරීනයක්, බස් රථයක් පදවා ගෙන යන ආකාරය දැක්වෙන දර්ශන උතුරු කොරියාවේ රජයේ මාධ්‍ය ප්‍රසිද්ධ කරලා තියෙනවා.

උතුරු කොරියානු නායකයට සුඛෝපබෝගී බෝට්ටුවක් පවා තියෙනවා. ඒ සුඛෝපබෝගී බෝට්ටුව ඩොලර් මිලියන හතක් විතර මිලක් වෙනවා කියලා විදේශ මාධ්‍ය වාර්තා කරනවා.


News Articles
Latest Videos
Most Popular Post