අද විදෙස් ගමන් සඳහා වැඩ ආරම්භ කරන්න හොඳ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.
931 Views
අද 2018 මැයි මස 15 වන අඟහරුවාදා
රාහු කාලය: දිවා කාලය සඳහා සවස 03.13 සිට 04.47 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 03.00 සිට 04.27 දක්වා
සුභ දිශාව: නැගෙනහිර
මේෂ ලග්නය

අන් අය සතු ධනයක්, මුදලක්, දෙපළක් ඔබට හිමිවන දිනයකි. වැඩි ගෞරවයක් සහිතව ගතකළ හැකි දිනයකි. කායික ශක්තිය ඉතාම ඉහළ දිනයක් වන අතර ක්‍රියාශීලීව තම වැඩ කටයුතු කරන දිනයකි. වාහනයක්, රථයක්, නිවසක්, ඉඩමක් මිලදී ගැනීමට සුභ දිනයකි. දුර දිග බලා කටයුතු කිරීමේ ශක්තියද මනාව පවතින දිනයකි.සමාජයේ ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළහැකි දිනයකි.
ජය වර්ණය: ලා රෝස පැහැය ජය අංකය: 01
වෘෂභ ලග්නය

කෝපයෙන් මෙන්ම උඩගුකමින් කිසිම වැඩක් නොකළ යුතු දිනයකි. ආඩම්බරකම් ඉවතලා කටයුතු කළයුතු දිනයකි. කලා කටයුතු වලට ඉතාම දස්කම් දක්වන දිනයකි. මුදල් භාවිතයේදී කල්පනාකාරී වන්න. ආත්ම විශ්වාසයෙන් යුතුව ආගමානුකුලව දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා තැඹිලි පැහැය ජය අංකය: 03
මිථුන ලග්නය

ඔබට අද සුභ මංගල යෝග උදාවෙයි. සුපරික්ෂාකාරිව මෙන්ම හොඳ විමසිල්ලෙන් යුතුව කටයුතු කළහැකි දිනයකි. මනාවට අන් අයව තේරුම් ගෙන කටයුතු කළහැකි දිනයකි. ලේඛන කලාවටද සුභ දිනයකි. ලේඛනයට හා නව නිර්මාණ වලට දිනයකි. ආගමනුකුලව හා ව්‍යායාම තුලින් දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: ලා කොළ පැහැය ජය අංකය: 02
කටක ලග්නය

මනා කල්පනාවෙන් යුතුව දිනය ගත කරයි. මනා කණ්ඩායම් හැගීමකින් යුතුව කටයුතු කරන දිනයකි. ව්‍යාපාර කටයුතු වලට සුභ දිනයකි. කල්පනාවෙන් යුතුව නිහඬව තම වැඩ කටයුතු සාර්ථකව කරගෙන යා හැකි දිනයකි. ඔබට දුර සිට එන අමුත්තන් පිළිගැනීමට සිදුවන දිනයකි. විවාහ අපේක්ෂාවෙන් සිටි අයට සුභ දිනයකි.
ජය වර්ණය: දීප්තිමත් සුදු පැහැය ජය අංකය: 01
සිංහ ලග්නය

විදෙස්ගමන් බිමන් සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය වන දිනයකි. මනා ඉවකින් යුතුව ඔබට කටයුතු කළහැකි දිනයකි. ලාභ ලැබීමේ වාසනාව ඇති දිනයකි. මනා පාලනයකින් යුතුව ඔබේ වැඩ කටයුතු සම්පාදනය කරගන්නා දිනයකි.කායික ශක්තියද නොමදව පවතින දිනයකි. වියදම් ගැන නම් වැඩි සැලකිල්ලක් දක්වන්න. අධ්‍යාපන වැඩ කටයුතු වලටද යෝග්‍ය දිනයකි. ආගමනුකුලව මෙන්ම ව්‍යායාමයක් තුල දිනය ආරම්භ කරන්න.
ජය වර්ණය: රන්වන් පැහැය ජය අංකය: 09
කන්‍යා ලග්නය

නුපුරුදු ස්ථාන වල කල් ගතකිරීම ඔබට අසුභයි. එබින් ප්‍රවේසම් වීමට වග බලාගන්න. ආගමානුකුලව දිනය ආරම්භ කරන්න. රැකියා හා ව්‍යාපාර කටයුතු වලට මෙන්ම වෙළදාම් කටයුතු වලට යෝග්‍ය දිනයකි. ඔබේ උත්සාහය ඔබට සුභ ඵල ගෙනදේවි.
ජය වර්ණය: කොළ පැහැය ජය අංකය: 01
තුලා ලග්නය

නිසි තීරණ ගැනීමේ ශක්තිය පවතින දිනයකි. ඔබ කරන ඕනෑම කටයුත්තකින් දියුණුවක් අපේක්ෂා කළහැකි දිනයකි. මහා පරිමාන ව්‍යාපාර වලින් ඔබට වැඩි ලාභ ලැබෙන දිනයකි. අලුතින් යමක් මිලදී ගැනීමටද සුභ දිනයකි. අන් අයට ආදරයෙන් හා දයාවෙන් සළකන්න. තැනට සුදුසු නුවනින් කටයුතු කිරීමට වග බලාගන්න. සියලුම ව්‍යාපාර කටයුතු වලටද යෝග්‍ය දිනයකි.
ජය වර්ණය: තද තැඹිලි පැහැය ජය අංකය: 07
වෘශ්චික ලග්නය

ඔබේ සෞඛ්‍ය ගැන නම් වැඩියෙන් සැළකිලිමත් විය යුතු දිනයකි. කලට වෙලාවට ආහාර ගන්න. තියුණු නුවනින් යුතුව, මනා ඉවකින් යුතුව කටයුතු කළහැකි දිනයකි. කතාවෙන්, තර්කයෙන් සියල්ල ජය ගත හැකි දිනයකි. නිරවුල්ව තම අදහස් ප්‍රකාශ කළහැකි දිනයකි. ලේඛන කටයුතු වලටද සුභ දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ කරන්න. විවාහ අපේක්ෂකයින්ට වඩාත් සුභ දිනයකි.
ජය වර්ණය: ලා රතු පැහැය ජය අංකය: 06
ධනු ලග්නය

ඔබට අතපසුව තිබු වැඩ නැවත ආරම්භ කිරීමට සුභ දිනයකි. අධ්‍යාපන වැඩ කටයුතු ව්ලාට මෙන්ම නිවසේ වැඩ කටයුතු වලට වැඩි ඉඩක් ලබාදෙන දිනයකි. නිතරම හොදින් සිතා බලා කල්පනාකාරීව වැඩ ආරම්භ කරන්න. නායකත්ව ගුණාංග වඩාත් තීව්‍ර වන දිනයකි. පාලනයට ඉතා දස්කම් දක්වන දිනයකි. මනා ආත්ම විශ්වාසයකින් යුතුව, ආගමානුකුලව කටයුතු කරන්න.
ජය වර්ණය: ලා ගුරු පැහැය ජය අංකය: 05
මකර ලග්නය

ඔබට තනතුරු ලාභ ලැබෙන දිනයකි. නව රැකියා හා ව්‍යාපාර මාර්ග ඇතිවන දිනයකි. දුර බැහැර ගමන් බිමන් වලට යොමුවන දිනයක් වන අතර මෙතෙක් කලක් සිතේ තිබු අසහනකාරී තත්වයක් පහව යන දිනයකි. අන් අයගෙන් වැඩි උදව් අපේක්ෂා කළහැකි දිනයකි. සුක්ෂම සැලසුම් සකස් කරන දිනයක් වන අතර වැඩ කටයුතු වල වැඩි සාර්ථකත්වයක් ලැබිය හැකි දිනයකි.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 04
කුම්භ ලග්නය

ඉගැන්වීමට හා ඉගෙනගැනීමට අද ඉතාම සුභ දිනයකි. ඔබේ සෞඛ්‍ය තත්වය ගැන වැඩියෙන් සැළකිලිමත් විය යුතු දිනයකි. රෝග පීඩා දුරු කරගතහැකි දිනයකි. ඉවසීමෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. මනා සැලසුමකින් යුතුව හා සුක්ෂමව ඔබේ වැඩ කටයුතු කරගෙන යා හැකි දිනයකි. දියුණුවේ මංපෙත් ඔබට විවර වී ඇති දිනයකි.
ජය වර්ණය: තද නිල් පැහැය ජය අංකය: 03
මීන ලග්නය

කතාවෙන් වැඩ ගන්න යට ඉතාම සුභ දිනයකි. සමාජයේ වැඩි ගෞරවය ලබාගත හැකි දිනයකි. ආදායම මෙන්ම ජනප්‍රියත්වයද නොමදව ලැබෙන දිනයකි. තමන්ට ලැබෙන වගකීම් මනා ලෙස ඉටු කරන දිනයකි. ඔබේ දරුවන් ගැන මව්පියන් ගැන සොයාබලන්න. දුර දිග බලා ඔබ කටයුතු කරන දිනයකි. කල්පනාකාරීව වැඩ කටයුතු නිසි සැලසුම් සහගතව සම්පාදනය කරගන්න.
ජය වර්ණය: රතු මිශ්‍ර කහ පැහැය ජය අංකය: 02
ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී ලක්ෂ්මන් යූ. ලියනගේ
දුරකථන: 011 50 10 829