ලංකාවෙන් බිහිවුන සුපිරිම ක්‍රීඩකයෙක් තමයි කුමාර් සංගක්කාර. ඩොනල් බ්‍රැඩ්මන්ට සම කරන්න පුළුවන් ලෝකයේ එකම ක්‍රීඩකයා කුමාර් සංගක්කාර. ඒ නිසා ලෝකය වටෙන්ම ඔහුට එන ඇරයුම් වල අඩුවක් නෑ.
පුළුවන් විදියට ඒ හැම දෙයකටම ඔහු සහභාගී වෙනවා. හැබැයි ඉන්දියාවේ ක්‍රිකට් පාලක මණ්ඩලය කල ඉල්ලීමකට සංගා බෑ කියලා තියෙනවා. ඉන්දියාවේ හිටපු ක්‍රීඩකයෙක් වගේම නායකයෙක් වෙන M.A.K. පටාඋඩි වෙනුවෙන් වාර්ෂිකව පවත්වන දේශනයට තමයි සංගක්කාරට ආරාධනා කරලා තියෙන්නේ. ජුනි මාසයේ දෙවෙනි සතියේ තමයි මේ දේශනය පවත්වන්න නියමිත වෙලා තියෙන්නේ.
ඒ වුනත් ඒ කාලයේදී එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර එක්දින තරඟාවලියේ විස්තර විචාරකයෙක් විදියට සහභාගී වෙන්න සංගා ගිවිසුම් අත්සන් කරලා තියෙනවා. සංගා වෙනුවට එංගලන්ත නායක නසාර් හුසේන්, කෙවින් පීටර්සන් හෝ සව්රව් ගංගුලි එක් කර ගන්න තීරණය කරලා තියෙනවා. හැබැයි නසාර් හුසේන්ටත් එන්න වෙන්නේ නෑ කියලා දන්වලා තියෙනවා.