News Line| Off Air
Generic placeholder image

May
15

රටටම විදුලිය දෙන්න හදපු උමාඔය ව්‍යාපෘතිය නිසා උග්‍ර ජල හිඟයක්.

712 Views


රටටම විදුලිය දෙන්න හදපු උමාඔය ව්‍යාපෘතිය නිසා උග්‍ර ජල හිඟයක්.

]බහුකාර්ය ව්‍යාපෘතියක් විදියට උමා ඔය ව්‍යාපෘතිය පටන් ගත්තත් මේ වෙද්දී බහු විනාශකාරී ව්‍යාපෘතියක් වෙලා තියෙනවා. මේ නිසා පවුල් දහස් ගණනක ජනතාවක් පිඩාවට පත් වෙලා තියෙනවා.

මේ වෙද්දී ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 07 ක් පවුල් 8494 ක් උග්‍ර ජල හිඟයකට මුහුණ දීලා තියෙනවා. ඒ පිරිසෙන් පවුල් 4094 කට බවුසර් මඟින් ජලය ලබා දෙනවා. හැබැයි ඉතිරි පවුල් 4400 ම ඉතාම අමාරුවෙන් වතුර ටිකක් හොයාගෙන තමයි ජිවත් වෙන්නේ.

සිද්ධ වෙලා තියෙන විනාශයෙන් පිඩාවට පත් වෙලා ඉන්න ජනතාවට ඉක්මනය සහන දෙනවා කියලා බලධාරීන් පොරොන්දු වුනත් තාමත් කිසිම සහනයක් නම් ලැබිලා නෑ. මේ ව්‍යාපෘතිය නිසා පවුල් ලක්ෂයක් විතර කුමන හෝ ප්‍රශ්නයකින් පීඩා විදිනවා කියලා උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කරනවා.

මේ ව්‍යාපෘතියෙන් නිවාස 8215 කට හානි සිද්ධ වෙලා තියෙනවා. හැබැයි නිවාස 3279 කට කිසිම වන්දි මුදලක් ලැබිලා නෑ.


News Articles
Latest Videos
Most Popular Post