News Line| Off Air
Generic placeholder image

May
16

කොල්කටා ප්‍රහාරයෙන් රාජස්ථාන් IPL සිහිනය තවත් කල් යයි.

842 Views


කොල්කටා ප්‍රහාරයෙන් රාජස්ථාන් IPL සිහිනය තවත් කල් යයි.

IPL ක්‍රිකට් වසන්තයේ Rajasthan Royals සහ Kolkata Knight Riders අතර තරඟයක් ඊයේ පවත් වුණා. මේ තරගයෙන් කඩුලු 4 ක පහසු ජයක් ලබා ගන්න කොල්කටා කණ්ඩායම සමත් වුණා.

මුලින්ම පන්දුවට පහර දුන්න රාජස්ථාන් ක්‍රීඩකයින් සියලු දෙනාම දැවී ලකුණු 142 ක් ලබා ගත්තා. ත්‍රිපාති ලකුණු 27 යි. වේගවත් ඉනිමක් ක්‍රීඩා කල බට්ලර් ලකුණු 39 යි. ඔහුගේ ඉනිමට 4 පහර 5 ක් සහ 6 පහර 2 ක් ඇතුලත් වුණා. ජයදේව් උනාද්කට් ලකුණු 26 යි.

අනිත් කිසිම ක්රිදකයෙක්ට සාර්ථක වෙන්න කොල්කටා පන්දු යවන්නන් ඉඩ දුන්නේ නෑ. පන්දුවාර 19 කදී රාජස්තාන් ඉනිම නිමා වුණා. සුපිරි පන්දු යැවීමක නිරත් වුන කුල්දීප් යාදව් කඩුලු 4 ක් දවා ගත්තා. රසල් සහ ක්‍රිෂ්ණ කඩුලු 2 බැගින් දවා ගත්තා.

කොල්කටා කණ්ඩායමට ලැබුන ලකුණු 143 ක් ඉලක්කය පන්දුවාර 18 කදී ඔවුන් ජය ගත්තා. සුනිල් නරයින් පන්දු 7 කදී ලකුණු 21 යි. ක්‍රිස් ලකුණු 45 ක් ලබා ගත්තා. නායක කාර්තික් නොදැවී ලකුණු 41 යි. තරඟයේ වීරයා කුල්දීප් යාදව්.


News Articles
Latest Videos
Most Popular Post