ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වෙනස්කම් තාම අවසන් වෙලා නෑ. පහුගිය දවසක ක්‍රිකට් උපදේශකවරු දෙන්නෙකුත් අලුතින් බඳවා ගත්තා. මේ අතර කණ්ඩායමේ කළමනාකරු තනතුරු සඳහාත් අලුත් නම් දෙකක් යෝජනා වෙලා තියෙනවා.
මේ වෙද්දී කණ්ඩායමේ කළමනාකරු විදියට කටයුතු කරන්නේ අසංක ගුරුසිංහ. හැබැයි මේ වෙද්දී ඔහු ක්‍රිකට් ආයතනයේ තනතුරු රැසක් හොබවනවා. ඒ නිසා වෙනත් කෙනෙක් කළමනාකරු විදියට පත් කරන්න තීරණය කරලා තියෙනවා.
අසංක වෙනුවට ක්‍රිකට් ආයතනයේ උප ලේකම් රවින් වික්‍රමරත්න සහ බ්‍රෙන්ඩන් කුරුප්පුගේ නම් යෝජනා වෙලා තියෙනවා. බ්‍රෙන්ඩන් කුරුප්පු මීට කලිනුත් ජාතික කණ්ඩායමේ කළමනාකරු විදියට කටයුතු කරලා තියෙනවා.