මේ පාර කාන්ස් Red Carpet ඉවෙන්ට් එකේ වැඩිම අවධානයක් දිනා ගත්ත බොලිවුඩ් තරුව වුණේ සුරූපී බොලිවුඩ් නිලි ආශ්චර්යා රායි. ඒ ඇය ඇදපු සමනළ ඇදුම නිසයි. මේ ඇදුම ආශ්චර්යා වෙනුවෙන්ම නිර්මාණය කරේ ඩුබායි වල ඉන්න සුපිරි මෝස්තර නිර්මාණ ශිල්පියෙක්. සමනළයෙක්ගේ හැඩය ගත්ත මේ ගවුම අඩි 20ක් විතර දිගයි. සම්පුර්ණයෙන්ම එම්බ්‍රොයිඩර් කරපු මේ ගවුමේ සියුම් හැඩ ගැන්වීම් කරලා තියෙන්නේ අතින්. ඒ නිසාම මේ මෝස්තර නිරූපණ ශිල්පියාට සමනළ ඇදුම නිර්මාණය කරන්න පැය 3000ක විතර ගියා කියලයි අපිට ආරංචි වුණේ.