News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
17

“කොක්කෙන් නම් අපිත් කොක්කෙන්” – ඇමෙරිකාව, උතුරු කොරියාවට කියයි.

926 Views


“කොක්කෙන් නම් අපිත් කොක්කෙන්” – ඇමෙරිකාව, උතුරු කොරියාවට කියයි.

ලෝක සාමය ගැන අලුත් බලාපොරොත්තු ඇති කරමින් උතුරු කොරියාව, දකුණු කොරියාව සහ ඇමෙරිකාව එක්කන් සාම කතා පටන් ගත්තා. හැබැයි ඇමරිකාව සහ දකුණු කොරියාව කරපු වැඩක් නිසා හිටි හැටියේම ඒ සියල්ල නැවතුනා. ඒ ඇමරිකාව සහ දකුණු කොරියාව යුධ අභ්‍යාසයක් පටන් ගත්ත නිසා.

මේ නිසා උතුරු කොරියාව ඊයේ දකුණු කොරියාව එක්ක තිබ්බ සාකච්ඡාවත් අවලංගු කරා. ඒ වගේම ඇමෙරිකාව එක්ක කරන සාකච්ඡාව ගැනත් දෙපාරක් හිතනවා කියල ප්‍රකාශ කරා. උතුරු කොරියාවේ මේ කතාවට ඇමෙරිකාව පිළිතුරු දුන්නා.

සැලසුම් කරලා තියෙන විදියට උතුරු කොරියාව එක්ක සමුළුව පවත් වෙයි කියලා විශ්වාස කරනවා කියලා ධවල මන්දිරය සඳහන් කරා. සමුළුව පැවැත් වෙනවා නම් ඩොනල් ට්‍රම්ප් සහභාගී වෙන්න සූදානමින් ඉන්නවා කියලත් දැනුම් දුන්නා. “උතුරු කොරියාව සමුළුවට එනවා නම් මාත් එනවා. නමුත් ඔවුන් එයින් ඉවත් වෙනවා නම් අපි අපේ ක්‍රමයට වැඩ කරනවා.” කියලා ට්‍රම්ප් ප්‍රකාශ කරලා තිබ්බා.


News Articles
Latest Videos
Most Popular Post