News Line| Off Air
Generic placeholder image

May
17

තප්පර 25 ක් කලින් ගියාට දුම්රිය බලධාරීන් මඟීන්ගෙන් සමාව ඉල්ලයි.

1010 Views


තප්පර 25 ක් කලින් ගියාට දුම්රිය බලධාරීන් මඟීන්ගෙන් සමාව ඉල්ලයි.

Headline එක දැක්ක ගමන් ඔබ පුදුම වුනා නේද තත්පර 25 ක් පරක්කු වුනාට මොකටද සමමව ඉල්ලන්නේ කියලා. ඔබත් ලංකාවේ දුම්රියේ ගමන් කරන කෙනෙක් නම් දුම්රිය ප්‍රමාදයන් ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. අද උදේ 7 ට එන්න තියෙන දුම්රිය ස්ටේෂන් එකට එන්නේ හෙට උදේ 7 ට. ඒ වගේම තමයි දුම්රිය පිටත් වෙන්නෙත් හොඳටම පරක්කු වෙලා.

ලංකාවේ දුම්රිය එහෙම වුනාට ජපානයේ නම් දුම්රිය යන්නේ හරියටම තප්පරයට. හැබැයි අද ජපානයේ දුම්රියක් නියමිත වෙලාවට වැඩ තත්පර 25 ක් කලින් පිටත් වෙලා. 7.12 ට නොටොගෝවා වලට යන්න තිබ්බ දුම්රිය 7.11 යි තත්පර 35 ට පිටත් වෙලා. මේ නිසා මඟීන් කිහිප දෙනෙක්ට දුම්රියට නගින්න බැරි වෙලා.

මේ නිසා බලධාරීන් සියලුම මඟීන්ගෙන් සමාව ඉල්ලලා තියෙනවා. මිට කලිනුත් ගිය අවුරුද්දේ Tokyo ඉඳන් Tsukuba වලට ගමන් කරන දුම්රියක් තත්පර 20 ක් කලින් පිටත් වෙලා. කිසිම කෙනෙක් මේ ගැන පැමිණිලි නොකරත් ජපානයේ දුම්රිය බලධාරීන් මඟීන්ගෙන් සමාව ඉල්ලලා තියෙනවා. හැබැයි ඉතිං අපිට නම් කියන්න තියෙන්නේ ජපානයේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ කියලා.


News Articles
Latest Videos
Most Popular Post