News Line| Off Air
Generic placeholder image

May
17

යතුරක් නැති මෝටර් රථ වල සැඟවී එන මාරයෙක්. ඔබේ වාහනයත් දැන්ම පරික්ෂා කර ගන්න.

1589 Views


යතුරක් නැති මෝටර් රථ වල සැඟවී එන මාරයෙක්. ඔබේ වාහනයත් දැන්ම පරික්ෂා කර ගන්න.

මෝටර් රථ තාක්ෂණයේ දියුණුවත් එක්ක අපූරු උපාංග මෝටර් රථ වලට එකතු වෙනවා. වෙනදට තිබ්බ විශාල යතුර වෙනුවට අලුතෙන් එන මෝටර් රථ වලට එන්නේ කුඩා උපාංගයක්. හැබැයි මේ තාක්ෂනය නිසා සිදු වෙන හානියක් ගැන විදේශ මාධ්‍ය වාර්තා කරනවා.

යතුරක් නොමැතිව පණ ගන්වන්න පුළුවන් වාහන වල එන්ජිම නැවැත්වීමට අතපසු වීම නිසා රථය ඇතුළත එකතු වුණ කාබන් මොනොක්සයිඩ් වායුව විෂ වෙලා පුද්ගලයන් ගණනාවක් මියගිහින් තියෙනවා.

2006 වර්ෂයේ ඉදන් මේ දක්වා පුද්ගලයන් 28 දෙනෙකු මේ විදියට මිය ගිහින් තියෙනවා. තවත් 45 දෙනෙකු තුවාල ලබලා තියෙනවා. ඇමරිකාවේ අවුරුද්දකට වාහන මිලියන 17 ක් විතර අලෙවි කරනවා. ඒ සංඛ්‍යාවෙන් අඩකට වැඩි වැඩි ප්‍රමාණයක් ම යතුරක් නොමැතිව පණගැන්විය හැකි මෝටර් රථ.

පොලිස් වාර්තා, නඩු, ප්‍රවෘත්ති වාර්තා, ගිනි නිවන හමුදා සහ මෙම ගැටලුව පිළිබඳ මහජනයා දැනුවත් කිරීම සදහා ක්‍රියාකරන කණ්ඩායම්වලින් ලැබුණු තොරතුරු සැලකිල්ලට ගෙන ‘ද නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පත මේ වාර්තාව සකස් කරලා තියෙනවා. .

මේ උපාංගය වාහනය තුළ නොමැතිව එය පණ ගන්වන්න බෑ. හැබැයි ඒ උපාංගය වාහනයෙන් ඉවතට රැගෙන ගියත් වාහනයේ එන්ජිම නවතින්නේ නෑ. හැබැයි Hybrid මෝටර් රථවල එන්ජිම ස්වයංක්‍රීයව නතර වෙනවා. Hybrid වාහනවලත් බැටරියේ ආයු කාලය අවසන් වෙනකොට එන්ජිම ස්වයංක්‍රීයව නතර වෙන්නේ නෑ.

මේ නිසා ඇමරිකානු පුද්ගලයන් කණ්ඩායමක් 2015 වර්ෂයේ දී ලෝකයේ විශාලතම වාහන නිෂ්පාදකයන් දස දෙනෙකුට එරෙහිව නඩු පැවරුවා. නඩුවේදී මේ තාක්ෂණය “මාරාන්තික” දෙයක් විදියට තීන්දුව දුන්නා. හැබැයි 2016 දී විනිසුරුවරයෙකු එම නඩුව නිෂ්ප්‍රභා කරා.


News Articles
Latest Videos
Most Popular Post