News Line| Off Air
Generic placeholder image

May
17

තියුණු සටනකින් පසු මහේල IPL සිහිනයට තවත් ලං වෙයි.

3022 Views


තියුණු සටනකින් පසු මහේල IPL සිහිනයට තවත් ලං වෙයි.

IPL සැණකෙළියේ තීරණාත්මක තරඟයක් ඊයේ තිබ්බා. ඒ Mumbai Indians සහ Kings XI Punjab අතර. IPL ශූරතාවය ගැන බලාපොරොත්තු තිය ගන්න නම් මේ තරඟය ජයග්‍රහණය කිරීම දෙපිලටම අනිවාර්ය වුණා. තියුණු සටනකින් පස්සේ ජයග්‍රහණය කරන්න මහේලගේ ගෝලයෝ සමත් වුණා.

මුලින්ම පන්දුවට පහර දුන්න මුම්බායි ක්‍රීඩකයින් ලකුණු 186 ක් ලබා ගත්තා. යාදව් ලකුණු 27 යි. හාර්තික් පාණ්ඩ්‍යා ලකුණු 32 ක් ලබා ගත්තා. කාලෙකට පස්සේ පොලාඩ්ගේ පිත්ත ඊයේ වැඩ කරා. ඔහු වේගවත් ලකුණු 50 ක් රැස් කරා. ඔහුගේ ඉනිමට 4 පහර 5 ක් සහ 6 පහර 3 ක් ඇතුලත් වුණා.

මුම්බායි පිලේ කඩුලු 8 ක් දවා ගන්න පන්ජාබ් පන්දු යවන්නන් සමත් වුණා. ඇන්ඩෘ ටයි කඩුලු 4ක් බිඳ හෙලුවා. අශ්වින් කඩුලු යි.

දෙවෙනි කඩුල්ලට ලකුණු 111 ක ශක්තිමත් සබඳතාවයක් ගොඩ නගන්න ලෝකේශ් රාහුල් සහ ඇරෝන් ෆින්ච් සමත් වුණා. ෆින්ච් ලකුණු 46 යි. රාහුල් තරඟය ජයග්‍රහණය කරන්න හුදකලා සටනක් කරා. ඔහු ලකුණු 64 ක් ලබා ගත්තා. ඒ 4 පහර 10 ක් සහ 6 පහර 3 ක් එක්ක.

කොහොම වුනත් බුම්රාගේ සුපිරි පන්දු යැවීම හමුවේ පන්ජාබ් කණ්ඩායමේ ලකුණු ලබා ගැනීමේ වේගය අඩාල වුණා. පන්දු වාර 20 අවසන් වෙද්දී ඔවුන්ට ලබා ගන්න පුළුවන් වුණේ ලකුණු 183 ක් විතරයි. ඒ අනුව ලකුණු 3 ක තියුණු ජයක් මුම්බායි කණ්ඩායමට ලැබුණා. තරඟයේ වීරයා ජස්ප්‍රිත් බුම්රා.


News Articles
Latest Videos
Most Popular Post